Thursday, January 2, 2014

ඇන්ඩ්‍රොයිඩ් ගැන ඔබ දන්නවාද?

මම අද ලියන්න හදන්නේ වෙනස් මාතෘකාවක් ගැන. ඇන්ඩොයිඩ්.  මිට ටික කාලෙකට ඉස්සරවෙලා මට මේක ලොකු ප්‍රශ්ණයක් තිබ්බා මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ්. ඒත් ටික දවසකට පස්සේ මම දැන ගත්තා මේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ගුගල් සමාගද මගින් ස්මාට් ෆොන් සදහා ලබාදෙන පහසුකමක් කියලා.
ඇත්තටම මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ.
 ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ජංගම දුරකතන සදහා හදුන්වා දි ඇති මෙහෙයුම් පද්ධතියක්. හරියට අපේ කොම්පියුටරේට වින්ඩොස් 98, වින්ඩොස් XP, වින්ඩොස් 7,වින්ඩොස් 8 වගේ ජංගම දුරකතන සදහා ලබාදෙන මෙහෙයුම් පද්ධතියක්.



මේක ඉස්සරවෙලාම හදුන්වාදිමට කටයුතු කලේ ගුගල් සමාගම නෙවෙයි.2003 වර්ෂයේදි ඇන්ඩ්‍රොයිඩ් ඉන්කොපරේෂන් කියන සමාගම විසින් තමයි මෙහි මුල්ම පර්යේෂන කටයුතු සිදුකරල තියෙන්නේ. කොහොම හරි මේ සමාගමට මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න මුදල් නොමැති විම නිසා ගුගල් සමාගම විසින් මෙම සමාගම 2005 වර්ෂයේදි මිලදි ගෙන තියෙනවා. නිකම්ම නෙවෙයි එහි නිර්මාණ කරුවොත් එක්කම. මේ ගැන හොද විස්තරයක් අපි ඇන්ඩ්‍රොයිඩ් කියන බ්ලොග් එකේ තියෙනවා.

කොහොම හරි මේ ප්‍රොජක්ට් එක 2008 සැප්තැම්බර් 20 වෙනකොට හදල ඉවර වෙලා වෙලදපොලට මුදා හැරියා.
මේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යුග කහිපයක් පසුකර අද අලුතින්ම හදුන්වා දෙන ලද ඇන්ඩ්‍රොයිඩ් කිට්කැට් දක්වා විකාශණය වි තිබෙනවා.අපි ලිපි කිහිපකින් ඒ විකාශණය පිළිබද හදුන්වා දිමට බලාපොරොත්තු වනවා.
ඇන්‍ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එදා ඉදල අද වෙනකම් විකාශණය වුන විදිහ පහත පරිදි දැක්වි හැකියි.

01.ඇන්ඩ්‍රොයිඩ් 1.5, කප්කේක්

  • Android 1.5, Cupcake


02. ඇන්ඩ්‍රොයිඩ් 1.6, ඩොනට්

  • Android 1.6, Donut


03. ඇන්ඩ්‍රොයිඩ් 2.0, කප්කේක් එසලර්
  • Android 2.0, Eclair

04. ඇන්ඩ්‍රොයිඩ් 2.2, ෆොර්යෝ
  • Android 2.2, Froyo


05.ඇන්ඩ්‍රොයිඩ් 2.3 ජින්ජබ්‍රඩ්

  • Android 2.3, Gingerbread




06. ඇන්ඩ්‍රොයිඩ් 3.0 හනිකොම්බ්
  • Android 3.0, Honeycomb

07. ඇන්ඩ්‍රොයිඩ් 4.0 අයිස්ක්‍රීම් සැන්විච්
  • Android 4.0, Ice Cream Sandwich


08.ඇන්ඩ්‍රොයිඩ් 4.1 ජෙලි බීන්
  • Android 4.1, Jelly Bean



09. ඇන්ඩ්‍රොයිඩ් 4.4 කිට්කැට්
  • Android 4.4, KitKat

 ඉදිරියේදි මේ එක් එක් මෙහෙයුම් පද්ධතිය පිළිබද වෙන වෙනම පැහැදිලි කිරිමට බලාපොරෙත්තු වන අතර ඔබගේ අදහස් පහලින් දක්වා යනවානම් එය ඉදිරි ලිපි සදහා ඉතා වැදගත් වෙයි කියලා හිතනවා.

3 comments: