Monday, October 26, 2015

ලෝකේ ලොකුම - 03 වන දිගහැරුම

21. උසම මිනිසා - ජීවත්වන

දැනට ජිවත් වන උසම මිනිසා තුර්කියේ සිටින Sultan Kösen. 1982 දෙසැම්බර් 10 උපත ලබා ඇති මොහු 2011 පෙබරවාරි 08 වන දින මනින විට උස සෙන්ටිමිටර 251ක් වේ.


22. උසම වැලි මාලිගාව.

 උසම වැලි මාලිගාවට දැනට ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ මිටර 12.59 ක් උස  2014 නොවැම්බර් 11 දින කැටපිලර් ඉන්කෝ අතින්නිම නිර්මානය කරන ලද වැලි මාලිගයයි. මෙය බ්රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ නිරිමානය කර ඇත. වාර්තා වන අන්දමට මෙම වාර්තාව නොදුරේදිම බිද හෙලිම සදහා නව නිර්මානයක් ඉදිකරමින් පවති.  


 23.විශාලතම කුරුල්ලා

මෙතෙක් ජීවත් වූ විශාලතම කුරුල්ලා ලෙස මිට වසර 1000 කට පමණ පෙර ජිවත් වු අලි කුරුල්ලා (elephant bird or vouron patra ) හැදින්විය හැක.මොවුන් මිටර 3ත් 3.3 අතර විශාල වන අතර බර රාත්තල් 1100ක් පමණ වේ.

24.උසම සුර්යකාන්ත ගස

උසම සුර්යකාන්ත ගස ලෙස මිටර 9.17ක් උස ජර්මනියේ Hans-Peter Schiffer විසින් වගාකල සුර්යකාන්ත ගස හැදින්විය හැක.






25. උසම මෙට්ට ඇහිරිම

උසම මෙට්ට ඇහිරිම මිටර් 5.01 ක් උසට 2014 නොවැම්බර් 15 දින ඇමරිකා එක්සත් ජනපදයේ Verlo Mattress මගින් නිර්මානය කරන ලද මෙට්ට එකතුව හැදින්විය හැක.



26. උසම සුනකයා

ලොව උසම සුනකයා මිටර 1.118ක් උස ඇමරිකාවේ සිටින ‘Zeus’ වේ.



27. උසම බුරුවා

 උසම බුරැවා ඇමරිකාවේ ජිවත්වන අඩි 5 අගල් 8ක් උස Romulus වේ.


28.උසම චොක්ලට් මූර්තිය

 උසම චොකලට් මුර්තිය ප්‍රංශයේ පැට්රික් රොජර් විසින් 2010 දෙසැම්බර් 01 වන දින නිර්මානය කරන ලද මිටර 10ක් උස නත්තල් ගස වේ.

29.උසම ගොඩනැගිල්ල

උසම ගොඩනැගිල්ල මිටර 828ක් උස ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා (කලීෆා ටවර්) වේ

30.මෙතෙක් ජිවත් වු උසම මිනිසා

මෙතෙක් ජිවත් වු උසම මිනිසා ලෙස ඇමරිකා එක්සත්ජනපදයේ 1918 පෙබරවාරි 22 උපත ලද 1940 ජුනි 27 මනින විට මිටර 2.72ක් උස රොබට් වොඩ්ලෝව් වේ.



මිට පෙර කොටස මෙතනින් ගහින් බලන්න..

0 comments:

Post a Comment