Monday, August 1, 2016

නොබෙල් සාම ත්‍යාගය 1910

1910 වර්ෂයේදීද නොබෙල් සාම ත්‍යගය සදහා සංවිධානයක් උරුමකම් කියනු ලැබීය.

ඔවුන් නම් Bureau international permanent de la Paix (Permanent International Peace Bureau)/ ජාත්‍යන්තර නිත්‍ය සාම කාර්යංශය වේ.



1891 දි ස්විස්ටර්ලන්තයේදි පිහිටවන ලද මෙම සංවිධානය ජාත්‍යන්තර සාමය උදෙසා කළ කැපවිම හේතුවෙන් මෙම සංවිධානයට නොබෙල් සාම ත්‍යගයෙන් පිදනු ලැබිය.

යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය තුල සාම සමුපකාර සමිති පිහිටුවමින් සාමය සදහා ජනතාව යොමු කළ අතර, ජාත්‍යන්තර ආරවුල් විසදිම සදහා උද්ගෝෂණ ව්‍යපාර සිදුකළේය.

මෙම සංවිධානය සදහා අවශ්‍යව තිබු කාර්යාලය 1891 දි ස්විස්ටර් ලන්තයේ  Berne හිදී 1908 නොබෙල් සාම ත්‍යග ලාභී  Fredrik Bajer විසින් විවෘත කරන ලදී. මෙහි පළමු මහ ලේකම් ලෙස 1902 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාග ලාභී Élie Ducommun ව පත්කරන ලදී.

2005 වන විට මෙම සංවිධානයට සාමාජික ආයතන 170 වකට අධික වන අතර, මෙහි මුලස්තානය ජිනිවා නගරයේ පිහිටුවා ඇත.

2 comments: