අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, May 17, 2014

Tuesday, April 1, 2014

ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks ටිකක්



ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks ටිකක් මෙන්න.කරලම බලන්න..මේක ෆේස් බුක් එකේ දැක්ක පොස්ට් එකක්


1.Google gravity

google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම

2.Epic Google
google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම

3.Weenie Google
google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම

4.Elgoog
google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම

5.Google Hacker
google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න
මෙන්න google එක hack වෙලෝ

6.Play PacMan on Google
google එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
කරන්න
google එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?

7.Do a Barrel Roll
google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම වටයක් කැරකෙනව.

8.Tilt
google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව

9. Google Sphere
google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.

10. www.googleloco.com එකට යන්න.මෙන්න google එක නටනෝ

11.Annoying Google
google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?

12.goglogo
www.goglogo.com එකට යන්න enter your name කියනතැන ඔයාගෙ නම type කරන්න දැන් google එක අපේ.

13.Google Gothic
google එකට ගිහින් Google Gothic කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

14.Google Rainbow
google එකට ගිහින් Google Rainbow කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.google එක දේදුන්නක් වගේ

15.Google 133t
google එකට ගිහින් Google 133t කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

16.ewmew fudd
google එකට ගිහින් ewmew fudd කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

17.xx-klingon
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

18.xx-piglatin
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.මේ ලතින් භාෂාව

19.let it snow
google එකට ගිහින් කියල let it snow ටයිප් කරල එන්ටර් කරන්න.මෙන්න google එකට හිම
වැටෙනව!!(මගෙන් නත්තලට තෑග්ගක්)

20.Santa Claus
google එකට ගිහින් කියල Santa Claus ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)

21.Christmas Lights
google එකට ගිහින් කියල Christmas Lights ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)

22.Hanukkah
google එකට ගිහින් කියල Hanukkah ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි

Tuesday, March 25, 2014

ෆේස් බුක් එකෙන් මුදල් හොයමු......

අද මම හිතුවා අපි කතාකරපු නැති පැත්තක් ගැන ලියන්න..ගොඩක් අය මේ ගැන කියලා දෙන්නේ නෑ.මේ වැඩෙන් අමතර ආදායමක් හොයන්න පුලුවන්.
මොකක් ගැනද මේ කියන්නේ..ගොඩක් අය මේ ගැන දන්නවා. දන්නේ නැති අයට තමයි කියල දෙන්නේ..ඔයාල අහල ඇති ෆයිවර් වල හරි ඒ වගේ (Fiverr ගැන දන්නේ නැත්තම් මෙතනින් ගිහින් ඉගෙනගන්න)වෙන සයිට් වල ෆේස් බුක් ලයික් 500 ක් ඩොලර් 5කට දෙනවා කියනවා.කොහොමද එහෙම දෙන්නේ. කෙනෙකුට ඇති ප්‍රශ්ණයක්.අද මම ඒකට උත්තරය හොයලා දෙන්නම්..
ෆේස් බුක් ලයික් හරි ඒ වගේ තියෙන සමාජ ජල අඩවි වලට ලයික් විව් ආදි දේ ලබාදෙන වෙබ් අඩවි බොහොමයක් තියෙනවා. ඒ අතරින් සාර්ථක අඩවියක් ගැන අද කියලා දෙන්න යන්නේ. අනික්වා ගැන ඉදිරියේදි කියා දෙන්නම්.

ඉස්සර වෙලාම මෙතනින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න..

මෙතන රෙජිස්ටර් කියන තැනින් ගිහින් අදාල කොටු නිසි පරිදි සම්පුර්ණ කරලා රෙජිස්ටර් වෙන්න.
 ඊට පස්සේ තමා වැඩේ පටන් ගන්න තියෙන්නේ.අපිට තියෙන්නේ ඉස්සරවෙලාම ක්‍රේඩිට් එකතු කරගන්න ඕන.පහත කැටගරි වලින් තමයි අපි ක්‍රෙඩිට් එකතු කරන්න ඔන. හැබැයි ෆේස් බුක් ලයික් වගේ දෙනවනම් වෙනම ෆේස් බුක් එකව්න්ට් එකක් තියෙනවානම් හොදයි.


කොහොමද ක්‍රෙඩිට් එකතුකර ගන්නේ කියලා තේරුනේ නැත්නම් මේ සයිට් එකේ social media exchange කියන තැනට යන්න. එතකොට එක එක කැටගරි තියෙනවා.. මම කියල දෙන්න යන්නේ ෆේස්බුක් ලයික් වලින් කොහොමද ක්‍රෙඩිට් උපයන්නේ කියලා.මේකේ social media exchange එකේ Facebook like කියන කියන තැන ක්ලික් කරන්න..
එතකොට පහත රූපය වගේ රූපයක් එයි..
 මෙතන පලවෙනියට තියෙන ලයික් කියෙන එක ක්ලික් කරහම අපි ෆේස් බුක් පිටුවකට යනවා..එතන ලයික් කියෙන එක කිලික් කරහම අපිට ක්‍රෙඩිට් ලැබෙනවා..මේකේ ක්‍රෙඩිට් 9ක් ලැබෙනවා..මෙසේ එකින් එක කිලික් කරගෙන යන්න තියෙන්නේ..ඒහෙම ලියික් දිල ඉවර වුනහම පේජ් එක රිෆේරෙෂ් කරල අයෙමත් වැඩේ කරගෙන යන්න තියෙන්නේ..මේක කරගෙන යනකොට එක එක බොනස් හම්බවෙනවා ඒවත් කලට් කරගත්තහම අපේ කේරෙඩිට් ඉක්මනට වැඩි වෙනවා..තව අපි සතිය ඇතුලත මේ සයිට් ඒකේ පළවෙනියා වුනොත් අපිට ක්‍රෙඩිට් 5000 ක් ලැබෙනවා..ටිකක් මහන්සි වුනොත් ක්‍රෙඩිට් හොයා ගන්න පුලුවන්..

අපිට මේ ක්‍රෙඩිට් වියදම් කරලා ෆේස් බුක් ලයික් වෙබ්සයිට් විව් ආදි දේ ලබාදිය හැකියි..
 අදට ඇති කියලා හිතනවා..මොකක් හරි ගැටලුවක් තියෙනවානම් අහන්න. මම මිලගට අපි උපයන ක්‍රෙඩිට් කෙලින්ම ඩොලර්වලට හරවන්න පුලුවන් සයිට් එකක් ගැන කියලා දෙන්නම්..ඔබේ ප්‍රතිචාර පහතින් දක්වල යන්න..ඒක ඉදිරි ලිපි වලට ලොකු හයියක් වෙනවා...

Thursday, March 20, 2014

ඔබගේ පරිගණකය ඔබගේ ජංගම දුරකතනයෙන් පාලනය කරමුද?

කාලෙකට පස්සේ බ්ලොග් එකට ආව කාලයක් හිතේ තියාගෙන හිටපු ලිපියක් ලියන්න.

ඔයාල හාමොටම මේක වැදගත් වෙයි කියල හිතෙනවා මේ ලිපිය..අපිට ගෙදර නැති වෙලාවේ අපේ පරිගණකයේ තියෙන දෙයක් බලාගන් හරි ලබාගන්න හරි මේකෙන් පුලුවන් ජංගම දුරකතනය භාවිතා කරල කරන්න පුලුවන් විම තමා මේකේ වටිනාකම..හැබැයි යම් යම් සිමාවල් තියෙනවා..

‍ඔයාල අහල තියෙනවද ටිම් විවර් කියලා සොෆ්ට් වෙයාර් එකක්..අහල නැත්තම් මේකයි ටිම් විවර් කියන්නේ..මේ සොෆ්ට් වෙයාර් එකට පුලුවන් මෙම සොෆ්ට් වෙයාර් එක් ඉන්ස්ට්‍රොල් කරලා තියෙන පරිගණකයක ඉදල අනිත් පරිගණකය පාලනය කාරන්න. හැබැයි මේකට ඉන්ටනෙට් පහසුකම වගේම මෙම පාලනයට ලක්වෙන පරිගනකයේ මෙම සොෆ්ට් වෙයාර් එකේ ඒ වෙලාවේ තියෙන පාස් වර්ඩ් එක ලබා දිය යුතු වනවා..මෙම පාස්වර්ඩ් එක නිතරම වෙනස් වන නිසා පාලනයට නතුවන පරිගණකයේ ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ.

ඔයාලගේ පරිගණකයට මෙම සොෆ්ට්වෙයා එක දාගන්න මෙතනින් ගිහින් ඩවුන්ලොඩ් කරගන්න..

දැන් තමා වැඩේ..මන් කිව්වනේ ඔබගේ දුරකථනයෙන් පරිගණකය පාලනය කරන හැටි කියලා දෙනවා කියලා
මේකට හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන්න ඔන..ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ප්ලේ ස්ටො(ර්) එකෙන් ටිම් විවර් ඇප් එක ඩවුන් ලොර්ඩ් කරලා අපි ලොග් වෙන්න ඔන පරිගණකයේ ටිම් විවර් අයිඩ් එකයි පාස්වර්ඩ් එකයි දිල ලොග් වෙන්න පුල්වන්...
මෙතන තියෙනාවා මේ ඇප් එක මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න
උත්සහයක් කරල බලන්න කොහොමද වැඩේ කියලා..

වැඩි විස්තර නැතිව කෙටියෙන් ලිපිය ලිව්වේ..ලොග් වෙනකෙට ගැටලුවක් ආවනම් කොමෙන්ට් එකක් දාන්න..ලිපිය හොදයි කියලා හිතෙනවානම් පහලින් කොමෙන්ටුවක් දාලම යන්න..


Saturday, January 18, 2014

වසකා නැසෙමුද?

පොඩි දෙයක් ගැන ලියන්න හිතුවා..පොඩි කිව්වට මේක අපේ ජිවිතේට බලපාන දෙයක්..ඉස්සර අපේ ලොකු අත්තල, අත්තම්මලා කොච්චර කල් ජිවත් වුනාද? ඒ පරම්පරාවේ අය අඩුම වශයෙන් අවරුදු අසු පහක් වත් ජිවත් වුනා.ඒත් අද වෙනකොට අවුරුදු හැට පහ සිමාව පනින්නේ කොච්චර අමාරුවෙන්ද?ඒකත් දවසට බෙහෙත් පෙති අහුරක් විතර බිල..
මේ ලිපිය ලියන්න හිතපු මුලික හේතුව නම් හැමදාම උදේට බෞද්ධයා නාලිකාවෙන් කරන වැඩසටහනයි..ඔයාලත් පුලුවන්නම් උදේ 07.00ට මේ වැඩසටහන ඇහැව්වොත් හිතෙයි අපි කන්නේ මොනවද කියලා.
මේ වැඩසටහනට එන ඩොක්ට පුල පුලා කියනවා වැඩිහිටි අපිට කිරි බිම අවශ්‍ය නෑ කියලා.කිරි බිල අපි කරන්නේ අනවශ්‍ය ලෙඩ හදා ගන්න එක. 
ඒ වගේම දැනට රජරට ප්‍රෙද්ශයේ දරුවන් රාශියකට තම පියා අහිමිව ගොස් තිබෙනවා. හේතුව තමා වකුගඩු රොගය.මෙයට ප්‍රධාන හේතුව කෘෂි රසායන භාවිතය.
දැනට සුලබව අහන්න ලැබෙන පිළිකා වැනි රොගත් මෙම විෂ කෑම වෙන්න පුලුවන්.


ඒ වගේම ක්ෂණික කෑමත් ඒ කියන්නේ සොටිස් වර්ග කෑම කොලෙස්ටරෝල් වැනි රෝග සදහා ප්‍රධාන හේතුවක් ලු..
තව දෙයක් තියෙනවා අපි ලෙඩක් වුනත් බලන්න යනකොට ඇරන් යන්නේ පිටරටින් ගෙනාපු ඇපල් ගෙඩියක් නැත්තම් දොඩම් ගෙඩියක්.. අපි ඒවා අරගෙන ගිහින් කරලා තියෙන්නේ ලෙඩාව තවත් අමාරූවේ දැමිම..මොකද එවා කල් තබාගන්න විවිධ රසායනික වර්ග යොදලලු තියෙන්නේ.ඒකනේ ඒව ලස්සනට තියෙන්නේ..ඒවා අපිට කන්න හොද නැ එ හින්ද?
මේවාට පිළීයම් වශයෙන් අපිට කරන්න පුලුවන් හොදම දේ තමා අපිට තියෙන පුන්චි ඉඩක හරි වස විසක් නැතිව කන්න පුලුවන් මොනවා හරි හදන එක. ඒක අපිට දෙපැත්තකින් හොදයි..මොකද අපිට හොද ව්‍යයායාමයකුත් ලැබෙනවානේ.

තව දේවලි තියෙනවා මේ ගැන කියන්න.. ඒවා ඉස්සරහට කියන්නම්.. ලිපිය ගැන මොනවා හරි පල්ලෙහයින් කොටලා යන්න හොදේ...

Thursday, January 16, 2014

ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද?

අපි වගේ සිංහල බ්ලොග් ලියන අයට ගුගල් දෙයියා සලකන්නේ නෑනේ.. ඒ කියන්නේ ගුගල් ඇඩ් සිංහල බ්ලොග් වලට තාම දෙන්නේ නෑනේ. 

මේකට විකල්පයක් වශයෙන් අපේ සිංහල සයිට් වලට ඇඩ් දෙන වෙබ් සයිට් කිහිපයක් දැක්කා..ඒකෙන් මම දැකපු මේ සයිට් එක ටිකක් හොදයි කියලා හිතුනා. මොකද මේකේ බැනර් ක්ලික් වෙන්නම ඔනේ නෑ..සයිට් එකට කට්ටිය ආව ගියහමත් කියක් හරි හොයන්න පුලුවන්. හැබැයි ගුගල් දෙයියා වගේ ලොකු ගානක් නම් දෙන්නේ නෑ..හැමදාම මේ සයිට් එකට ලොග් වෙනවාටත් අපිට සල්ලි එකතු වෙනවා.

මෙතනින් ගිහින් මේකේ රෙජිස්ටර් වෙලා බලන්නකෝ.කොහෙමද වැඩේ කියලා අපිටත් තියන්න.

Tuesday, January 14, 2014

ෆයිවර් වලට නිවාඩුවක්..

හදිස්සියේම ආවා පොඩි පොස්ට් එකක් ලියන්න.ෆිවර් වල අලුත්ම අප්ඩේට් එක ගැන පොඩි ලිපියක් ලියන්න හිතුනා.

මෙච්චර දවස් අපිට ලොකු ප්‍රශ්ණයක් වෙලා තිබුනා අපිට පොඩි නිවාඩුවක් ගන්න ඔන වුනොත් අපි මොකක්ද අපේ ගිගි වලට කරන්නේ කියලා...සමහර අය තමන්ගේ ගිගි සස්පෙන්ඩ් කරා..ඒහෙම නැත්තම් ඩිලිවරි ඩේට් වැඩිකරා, ඒහෙමත් නැත්තම් වැකේෂන් කියලා බෙනර් එකක් ගිගි වල පෙන්නුවා.
දැන් ඔය ප්‍රශ්ණ වලට විසදුමක් ෆයිවර් වලින් ලබා දිල තියෙනවා.එනම් Vacation Mode හදුන්වලා දිල තියෙවා.
ෆයිවර් කට්ටිය කියන විදිහට Vacation Mode දැම්මම අපේ ගිගි වලට මොකුත් වෙන්නේ නෑ කියලා.

කොහොමද Vacation Mode ඔන් කරන්නේ. ඉස්සරවෙලාම මයි ගිගි වලට යන්න ගිහින් Vacation Mode ඔන් කරන්න




ඊට පස්සේ එන ඩයලොග් බොක්ස් එකේ බයර්ට මැසෙජ් එකක් වගේම නිවාඩු ඉන්න කාලය සිලෙක් කරන්න..ෆයිවර් එකෙන් අවුරුද්දකට නිවාඩු 28ක් ලබා දෙනවා. ඊට පස්සේ Done බටන් එක ක්ලික් කරන්න




බයර් කෙනෙක් ඔයාගේ ගිගි එකට ආවහම ඔයාගේ මැසෙජ් එක බයර්ට පෙනෙනවා



ඔයාලා වැකේෂන් ගිහින් ආවහම ඔයාලට Vacation Mode off කරන්න ඔන.
මෙයාල කියන විදිහට Vacation Mode දැම්මහම ගිගි එක ස්වංක්‍රියව suspended වෙනවලු. නමුත් ගිගි එකේ ranking වලට හානියක් වෙන්නේ නෑලු.

ඔයාලත් ට්‍රිප් එකක් යනකොට මේ ක්‍රෙම් අත්හදා බලන්න.ලිපිය හොදනම් කොමෙන්ටුවක් දාන්න..

Sunday, January 5, 2014

ඔබේ පරිගණකයෙන් 3D Film බලමු

අද පොඩි ගැජට් කෑල්ලක් ගැන කියන්න යන්නේ. ඔයාලත් කැමති ඇති නේද 3D ෆිල්ම්, විඩියො බලන්න. ඔන්න ඒකට දැන්  3D ටිවි මිලදි ගන්න ඔනෙම නෑ.ඔයාගේ කොම්පියුටරෙන් මේ වැඩේ කරන්න පුලුවන්.

හැබැයි මේ වැඩේට  3D කණ්ණාඩියක් නම් ඔන වෙනවා.

ඒ වගේම මේ වැඩේට KMplayer එකත් අවශ්‍ය වනවා. ගුගල් වලින් KMplayer එක ඩවුන්ලෝඩ් කර ගැනිමේ හැකියාව පවතිනවා.
ඉන් පසු මෙම KMplayer  එක මගින් විඩියොවක් play  කර මෙම KMplayer එකෙහි වම්පස පහල ඇති 3D බටනය මගින් අදාල විඩියොව 3D ආකාරයට සකසා ගැනිම මගින් ඔබ 3D කණ්ණාඩිය දමා බලන විට ඔබට නැවුම් අත්දැකිමක් ලැබෙනු ඇත.
මේ සදහා 3D ආකාරයට සැකසු විඩියෝ බැලිමට යොදාගැනිම සුදුසු වේ. මන්ද යත් දැනට නිපදවන සෑම විඩියෝවක්ම 3D තාක්ෂණය යොදා නිපදවන්නේ නොමැති බැවිනි. 
මේ අත්දැකිම ගැන ඔබේ අදහස් දක්වන්නේනම් ඉතා අගය කොට සලකමි.

Saturday, January 4, 2014

ඇන්ඩ්‍රොයිඩ් 1.5 කප් කේක්

ඇන්ඩ්‍රොයිඩ් ගැන දෙවෙනි ලිපියත් ලියන්න යන්නේ. පළවෙනි එක කියෙව්වේ නැත්තම් මෙතනින් ගහින් ඒක කියවන්න. එදා අපි ලිපිය ඉවර කරේ මෙතෙක් නිකුත් වි ඇති ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති පළිබද හදුන්වා දිමක් සිදුකරා.
මේ ලිපියෙන් බලපොරොත්තු වෙනවා ඒ එක් එක් මෙහෙයුම් පද්ධතියන් හදුන්වා දිමට.
මුලින්ම නිකුත් වුන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 1.5 කප් කේක් වේ.

මෙම මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් විකාශණයේ මුලාරම්භය ලෙස සැලකුවද මිට පෙර ඇන්ඩ්‍රොයිඩ් 1.1 මෙහෙයුම් පද්ධතිය නිකුත් වි ඇත.
මෙම මෙහෙයුම් පද්ධතිය 1.5 සිට 2.6.27 දක්වා වැඩිදියුනු කර හැකි ලිනස් මෙහෙයුම් පද්ධතියකින් සමන් විත වේ.
මෙම මෙහෙයුම් පද්ධතිය 2009 වර්ෂයේ අප්‍රේල් මාසයේ මුල්වරට හදුන්වාදිම සිදුකරනු ලැබුවාය.

මෙම මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් වෙබ් අඩවියේ පහත ආකාරයෙන් හදුන්වා දිම සිදුකරයි.

Right from the start, Android is an open OS that can run almost any app or widget so you can do what you want to do.


 තවත් විශේෂත්වයක් වන්නේ මුල්වරට පෙනුම අප්ඩේට් කළ හැකි ගැජට් හා ලයිව් ඇපියරන්ස් එකකින් යුතුව නිපදවා තිබෙනවා.
මෙහි default ගැජට් විදිහට ඇනලොග් ඔරලොසුව,
කැලැන්ඩරය, music player,picture frame හා සර්ච් ෆන්ෂන් හදුන්වා දිය හැකිය.
මෙහි ඇති තවත් වැදගත්කමක් වනුයේ Video recording හා playback කිරිමේ හැකියාව වේ. මෙහි MPEG4 හා 3GP formats වල ෆයිල් play කිරිමේ හැකියාව පවති.ඒ වගේම යුටියුබ් හ පිකාසා වෙබ් ඇල්බම් වෙත විඩියො හා ජයාරූප අප්ලොඩ් කිරිමේ හැකියාව පවති.ඒ වගේම විඩියො  MMS හා email මගින් බෙදාගැනිමේ හැකියාවද මෙම මෙහෙයුම් පද්ධතිය සතු වනවා.
පළමු වරට තමන් කැමති රූපයක් 

profile pictures යෙදිමේ හැකියාව මෙම මෙහෙයුම් පද්ධතියට හදුන්වා දි ඇත.
මෙසේ තවත් බොහො විශේෂාංග සමග එකල ජනප්‍රිය වු Android Cupcake ගෙන් පසු ගුගල් සමාගම විසින් Android 1.6 ‘Donut හදුනිවා දෙනු ලැබුවා.
Android 1.6 ‘Donut පිළිබදව මිලග ලිපියෙන් කරුණු කිමට බලාපොරොත්තු වන අතර ඔබගේ අදහස් දක්වා යන්නේනම් ඉතා අගය කොට සලකනවා.

Friday, January 3, 2014

බ්ලොග් එකෙන් මුදල් හොයමු...

කට්ටිය හැමොම වගේ දැන් විනොදාංශයක් වශයෙන් බ්ලොග් සයිට් එකක් පවත්වාගෙන යනවානේ..කැමති නැද්ද ඒ බ්ලොග් එක නිකම්ම පවත්වාගෙන යනවට වඩා කියක් හරි ඒකෙන් හොයන්න. 

සිංහලෙන් බ්ලොග් ලියන අපි වගේ අයට ගුගල් ඇඩ් ලබාදෙන්නේ නෑනේ. ඒක ලොකු පාඩුවක්. ඒ වෙනුවට වෙනත් බ්ලොග් සයිට් තියෙනවා ඇඩ් ලබාදෙන.
සාමාන්‍යන් ඇඩ් ක්ලික් වුනහම තමයි අපිට මුදල් ගෙවන්නේග නමුත් මම මේ කියන සයිට් එකෙන් ඇඩ් කිලික් වෙන්න වුවමනාවක් නෑ සල්ලි ගෙවන්න ඇඩ් එකක් දැක්කත් ඇති මුදල් ගෙවන්න. හැබැයි ගුගල් වගේ ලොකු ගෙවිමක් මෙම සයිට් එකෙන් ගෙවන්නේ නැති වුනාට හොද ගෙවිමක් සිදුකරනවා.
මෙතනින් ගිහින් සයිට් එකේ රෙජිස්ටර් වෙලා බලන්නකො. ගැටලුවක් වුනොත් අහන්න.