අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Wednesday, October 28, 2015

ලෝකේ ලොකුම - 04 වන දිග හැරුම

31. ලෝකේ ලොකුම එළවලු තෙල් බෝතලය

මිටර 5.12 උස  ලිටර 3212 ක ධාරිතාවකින් යුතු මෙහි කැමීලියා තෙල් පුරවන ලද අතර 2009 සැප්තැම්බර් 28 චිනය විසින් නිර්මාණය කරන ලදි.

32.ලොව විශාලතම කාඩ් වලින් කරන ලද නිර්මාණය.

 මිටර 10.39 ක්  පළල හා මිටර2.88 උස මෙය 2010 මාර්තු 10 දින ඇමරිකන් ජාතික BRYAN BERG විසින් චිනයේදි නිර්මාණය කරන ලදි.

33.විශාලතම කුසලානය

මිටර 10.64 ක් වන මෙය 2014 අගොස්තු 22 වන දින පැවති  සවුත්ලන් පාර්ක් ධාවන තරගය (ඇමරිකා එක්සත් ජනපදය) සදහා නිර්මාණය කරන ලදි.

34.විශාලතම ගම්මිරිස් ඇඹරුම් යන්ත්‍රය (ගම්මිරිස්-මෝල)

කැනඩාවේ ඇල්ගොන්කින් විද්‍යලය මගින් නිර්මානය කරන ලද මෙය උස මිටර 4.98 ක් හා විෂ්කම්භය සෙන්ටි මිටර 43.1ක් වේ. 

35. විශාලතම වයින් බෝතලය

ස්විස්ටර්ලන්තයේ André Vogel විසින් නිර්මාණය කළ මෙය මිටර 4.17 ක් උස හා මිටර 1.21 විශ්කම්භයෙන් යුත්තය. මෙයට වයින් ලිටර 3094 ක ධාරිතාවයකින් යුත්ත වේ.
36. විශාලතම රග්බි පන්දුව

හොන්කොන් වල KEN FUNG නිර්මාණය කරන ලද මෙය මිටර 4.709ක් විශාල හා මිටර 2.95ක් උස වේ.

37. උසම ධාවනය කළ හැකි යතුරු පැදි

මෙය මිටර 5.10 ක් උස වන ඉතාලියේ FABIO REGGIANI විසින් නිර්මාණය කරන ලදි.

38. විශාලතම අඩි උස සපත්තුව

මිටර 1.95ක් විශාල හා මිටර 1.85ක් උස මෙය ඇමරිකා එක්සත් ජනපදයේ   ජිල් මාටින් සහ කෙනත් කෝල් විසින් නිර්මාණය කරන ලදි.


39. විශාලතම පාවහන

මිටර 7.14ක් දිග හා මිටර 2.50 පළල හා මිටර 4.2ක් උස මෙය ජර්මනියේ Schuh Marke විසින් නිර්මාණය කරන ලදි.


40.විශාලතම ඩ්‍රම් එක

මිටර 5.54ක විශ්කම්භාය, මිටර 5.96ක් උස හා ටොන් 07ක් බර මෙය දකුණු කොරියාවේ Yeong Dong-Gun පළාත් පාලන ආයතනය මගින් නිර්මාණය කරන ලදි.

Monday, October 26, 2015

මේ කථා අහල තියෙනවද? 10 වන කොටස

91. තුර්කියේ ස්ථාන්බුල් නගරය මහද්විප දෙකක පිහිටා ඇති ලොව එකම නගරයයි.

92. ඔබගේ කදුලුවල හැදෙන රසායනික සංයුතිය ඔබට දැනෙන හැගිම මත පදනම් වේ.

93.මුලු මිනිස් ඉතිහාසය තුලම මිනිසුන් බිලියන 100ක් පමණ මියගොස් ඇත.

94.චින මහා ප්‍රාකාරය හදන අතරතුර මිනිසුන් මිලියනයක් පමන මියගොස් ඇත.


95. ඩොල්ෆින් යනු මිනිසාට පසු හොදම මතකයක් ඇති සතාය. ඔහුට වසර 20කට පෙර ඔහුගේ සගයකු නැගු විසිල් හඩක් පවා මතකය.

96. 1923 දි සොවියට් දේශයේ උපන් පිරිමින්ගෙන් 80%ක් දෙවන ලෝක යුද්ධයේදි මියගොස් ඇත.

97. සනත් ජයසුරිය ශේන් වොන්ට වඩා එක්දින කඩුලු දවාගෙන ඇත.

98. ලොව මෙතෙක් වාර්තා වි ඇති ලොව වැඩිම වයස් පරතරයක් ඇති නිවුන් සොයුරන්ගේ පරතරය දින 87 කි.

99. වමත් මිනිසුන් දකුනත් මිනිසුන්ට වඩා වසර 03කට පෙර මිය යයි.

100.ලොව වේගයෙන්ම වැඩෙන සත්වයා නිල් තල්මසාය. සෙමින් වැඩෙන සතා මිනිසාය.

මිලග කොටසින් ඉක්මනින් හමුවෙමු.අපේ මුහුනු පොතටත් ලයික් එකක් දාන්න

ලෝකේ ලොකුම - 03 වන දිගහැරුම

21. උසම මිනිසා - ජීවත්වන

දැනට ජිවත් වන උසම මිනිසා තුර්කියේ සිටින Sultan Kösen. 1982 දෙසැම්බර් 10 උපත ලබා ඇති මොහු 2011 පෙබරවාරි 08 වන දින මනින විට උස සෙන්ටිමිටර 251ක් වේ.

22. උසම වැලි මාලිගාව.

 උසම වැලි මාලිගාවට දැනට ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ මිටර 12.59 ක් උස  2014 නොවැම්බර් 11 දින කැටපිලර් ඉන්කෝ අතින්නිම නිර්මානය කරන ලද වැලි මාලිගයයි. මෙය බ්රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ නිරිමානය කර ඇත. වාර්තා වන අන්දමට මෙම වාර්තාව නොදුරේදිම බිද හෙලිම සදහා නව නිර්මානයක් ඉදිකරමින් පවති.  


 23.විශාලතම කුරුල්ලා

මෙතෙක් ජීවත් වූ විශාලතම කුරුල්ලා ලෙස මිට වසර 1000 කට පමණ පෙර ජිවත් වු අලි කුරුල්ලා (elephant bird or vouron patra ) හැදින්විය හැක.මොවුන් මිටර 3ත් 3.3 අතර විශාල වන අතර බර රාත්තල් 1100ක් පමණ වේ.

24.උසම සුර්යකාන්ත ගස

උසම සුර්යකාන්ත ගස ලෙස මිටර 9.17ක් උස ජර්මනියේ Hans-Peter Schiffer විසින් වගාකල සුර්යකාන්ත ගස හැදින්විය හැක.






25. උසම මෙට්ට ඇහිරිම

උසම මෙට්ට ඇහිරිම මිටර් 5.01 ක් උසට 2014 නොවැම්බර් 15 දින ඇමරිකා එක්සත් ජනපදයේ Verlo Mattress මගින් නිර්මානය කරන ලද මෙට්ට එකතුව හැදින්විය හැක.



26. උසම සුනකයා

ලොව උසම සුනකයා මිටර 1.118ක් උස ඇමරිකාවේ සිටින ‘Zeus’ වේ.



27. උසම බුරුවා

 උසම බුරැවා ඇමරිකාවේ ජිවත්වන අඩි 5 අගල් 8ක් උස Romulus වේ.


28.උසම චොක්ලට් මූර්තිය

 උසම චොකලට් මුර්තිය ප්‍රංශයේ පැට්රික් රොජර් විසින් 2010 දෙසැම්බර් 01 වන දින නිර්මානය කරන ලද මිටර 10ක් උස නත්තල් ගස වේ.

29.උසම ගොඩනැගිල්ල

උසම ගොඩනැගිල්ල මිටර 828ක් උස ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා (කලීෆා ටවර්) වේ

30.මෙතෙක් ජිවත් වු උසම මිනිසා

මෙතෙක් ජිවත් වු උසම මිනිසා ලෙස ඇමරිකා එක්සත්ජනපදයේ 1918 පෙබරවාරි 22 උපත ලද 1940 ජුනි 27 මනින විට මිටර 2.72ක් උස රොබට් වොඩ්ලෝව් වේ.



මිට පෙර කොටස මෙතනින් ගහින් බලන්න..

Friday, October 23, 2015

ලොව පොඩිම - දෙවන දිග හැරුම

11. ලොව කුඩාම හෝටලය

සමස්ථ ඉඩ ප්‍රමාණය වර්ග මිටර 53 ක් වන ජර්මනියේ Eh'hausl හෝටලය ලොව කුඩාම හොටලය ලෙස ගිනස් වාර්තාව උසුලයි.

12.ලොව කුඩාම ඩිජිටල් voice recorder

2009 මැයි මාසයේ දී හදුන්වා දෙන ලද රුසියාව විසින් නිෂ්පාදිත 29 × 12 × 15 මිමී ප්‍රමාණයෙන් යුතු  Edic-mini Tiny A31 ලොව කුඩාම ඩිජිටල් voice recorder ය වේ.

13. ලොව කුඩාම සන්නද්ධ වාහනය

හෝව් සහ හෝව් ටෙක්නොලොජීස් විසින්  නිපදවු  මීටර 1 (3 අඩි 3) පළල,  PAV1  ලොව කුඩාම සන්නද්ධ වාහනය වේ.

14.ලොව කුඩාම මෝරා

ලොව කුඩාම මෝරා ලෙස dwarf lantern shark (Etmopterus perryi) සළකණු ලබන අතර විශාලත්වය 16-17.5 සෙ.මී. පමණ වේ.

15.ලොව කුඩාම ගොනා (උසින්)

කොටම ගොනා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාව  තුල ඇති Hearts & Hands Animal Rescue   අයත්  Chegs HHAR ගෝල්ඩන් බෝයි, වේ. ඔහු 2014 මාර්තු 1 දා මනින විට කුර වල සිට උස සෙන්ටිමිටර 71.6  වේ.

16.කොටම stuntman

කිරාන් ෂා (එක්සත් රාජධානිය) (උපත සැප්තැම්බර් 28, 1956)  2003 ඔක්තෝබර්  20 මනින විට මීටර 1  සෙන්ටිමිටර 26.3 මොහු දැනට චිත්‍රපට රගපෑම සදහා පෙනිසිටි කොටම වෘත්තීය stuntman වේ.



17.ලොව කුඩාම නැනෝ අක්ෂර කලාව

2009 වසරේ මාර්තු මස, පර්යේෂකයන්  වන හරි මනෝහරන් හා ක්රිස්ටෝපර් මූන් විසින් ස්ටැන්ෆර්ඩ් සරසවියේ භෞතික විද්යාව  රසායනාගාර තුල නැනෝමීටර භාවිතා කර කුඩා අකුරු ලිවිය.

18.ලොව කුඩාම ඉණ - 
ඇමරිකා එක්සත් ජනපදයේ  Cathie Jung සතු වේ.

19. ලොව කුඩාම Rubik's Cube

කුඩාම Rubik's Cube 10 මි.මී. (දී 0.39) පුළුල් වන අතර, Evgeniy Grigoriev (රුසියාව) විසින් නිර්මාණය කරන ලදී.

20.කොටම දේශීය බළලා (උස)

උස සෙන්ටිමිටර  13.34 වන ඇමරිකා එක්සත් ජනපදය සිටින නව හැවිරිදි ගැහැණු මන්ච්කින් බළලාය.


පළමු කොටසට මෙතනින් යන්න

Thursday, October 22, 2015

ලෝක උරුම (03) - ඇෆ්ගනිස්ථානය


සංස්කෘතික භූදර්ශනය සහ බාමියන් මිටියාවතේ පුරාවිද්‍ය වටිනාකම

ඇෆිගනිස්ථානයෙන් අපට හමුවන දෙවන ලෝක උරුමය මෙය වේ.
පළමුවන සියවසේ සිට 13 වන සියවස දක්වා විහිද යන මෙහි භාමියන් මිටියාවතේ වු බෞද්ධ ගාන්ධාර පාසලක නෂ්ටාවශේෂ ඇත.  නමුත් මෙහි 2001 මාර්තු මස ලොව කම්පා වූ තලෙබාන් බුදුපිළිම විනාශ කිරිම සිදුවිය.


















Wednesday, October 21, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 02 - පෙරුම් පුරාගෙන ආ සංසාරේ



මේක ලස්සන ගීතයක් සමහර අය මේ ගීතය විනෝද අවස්තාවලත් දාලා නටනව. නමුත් මෙහි කතා පුවත ඉතා දුක්බරයි..


එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. ටික වෙලාවක් ගියා.. ටිකකින් එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට.. ඔහොම ගිහින්.. සුලු මොහොතකින් යලිත් මැදිරියට ඔවුන් ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. යන දුම්රියේ වීදුරුව තුලින් මේ හාමුදුරුවෝ නමට පෙනෙන්නේ එක තැනක සෙනග වටවී සිටින වගත්... ඉතින් උන්වහන්සේ අර එම ස්තානයට ගිය මිනිසෙකුගෙන් විමසනවා මේ ගැන..


"කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.."

"අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්"


එහෙම කියන හිමිනම යලිත් තම පොත අතට ගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. එහි මෙහෙම සඳහන් වෙනවා..


පෙරුම් පුරාගෙන ආ සංසාරේ

පැතුමද සුනු විසුනුව වැ‍ටුනේ...

කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...

දුම්රිය මොහොතක් නතර වුනේ....


මලක් වගේ රොන් සුවඳ වගේ

ජීවිතයේ සුව අපමන වේ..//

දොලක් වගේ දිය දෝත වගේ

ජීවිතයේ අම සිසිල දැනේ...

පෙරුම් පුරාගෙන...


වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ

සිතට දරාගනු බැරි දුක් වීදෝ..//

දිවිය මොනතරම් සුන්දරදෝ

දුකම කොයිතරම් සතුටක්දෝ

පෙරුම් පුරාගෙන...


අද දිනයේ ආදර ගීයක නොදන්න කතා පුවත ගැන මෙහෙම ලියනවා.. ගීතය විවිද අර්තකතන දුන්නද ගීතයේ ගැබ්වන තේරුම විඳගන්න.. ඒ තේරුමට ඔබගේ ජීවිතයෙනුත් ඉඩක් දෙන්න..

මෙය මුහුනු පොතෙන් උපුටා ගැනිමකි.

Friday, October 16, 2015

මේ කථා අහල තියෙනවද? නවවන දිගහැරුම

81.ලොව කුහුබුවන් හා මිනිසුන් අතර අනුපාතය මිලියනයට එකකි.

82.මෙතෙක් ලොකයේ බ්‍රිතාන්‍ය විසින් යටත් කරගත් හෝ ප්‍රහාරයකට ලක් නොවු රටවල් 22ක් අැත.

83. ඒවරස්ට් කන්ද ඉහලට නැගෙන මාර්ගයේ මල සිරුරු 200ක් පමණ අැති අතර, ඒ්වා මග සළකුණු ලෙස යෙදා ගනි.

84. මෙලය සිරුරේ බරින් 2%ක් පමණ වන අතර ඔක්ෂිජන් පරිභෝජනෙයන් 20%ක් පමණ වේ.

85. කඩදාසියක් ගෙන දෙකට නවන්න.නැවතත් දෙකට නවන්න,මෙසේ 42 ක් නැවිය හැකිනම් ඒහි උස හදට ලගා විය හැක.

86.සෑම මිනිත්තුවකදිම ඔබෙග් සිරුරේ සෙෙල මිලියන 35ක් මිය යනවා.

87.ලොව ව්‍යජ අනුකරන වලින් 70%ක්ම නිෂ්පාදනය චිනයේය.

88.මෙතෙක් ලෝකයේ සොයාගෙන අැති රත්‍රන් දිග පළළ උස මිටර 20ක් වන පෙට්ටියක අසුරා තැබිය හැක.

89.ලොව ජනගහනය බිලියන 3 ලගාවිමට වසර 200000ක් ගත විය ඊලග  බිලියන 3ට ගතවුයේ වසර 40ක් පමණි.

90.මළ සිරුරු වල දැමිම මිට වසර 350000කට පෙර පටන්ගෙන අැත.

මිට පෙර පළවු කොටසට මෙතනින් යන්න



Saturday, October 3, 2015

ලෝකේ ලොකුම - 02නි දිගහැරුම

11. ලෝකයේ උසම කන්ද/උසම ස්ථානය-  -  එවරස්ට් කන්ද  උපරිමය මිටර 8.848 ක් ( අඩි29,028  )
12.බර මත පදනම් පෘථිවිය මත ඇති විශාලතම සත්වයා -  නිල් තල්මසා
13.ලෝකේ ලොකුම කෑම -
ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ඒ ග්රොස් විසින් 2012 ඔක්තෝබර් 11 මැක්ඩොනල්ඩ්ස් බිග් මැක් 26,000 ක් පාරිභොජනය කර ඇත.

14.විශාලතම මුදල් පසුම්බිය - 
 සෙන්ටිමිටර 314 දිග සහ සෙන්ටිමිටර 306 පළල මෙය Big Skinny Corporation (USA) මගින් නිපදවා ඇත.

15. මිනිසා විසින් නිර්මාණය කරන ලද වැඩිම උෂ්ණත්වය

2012 අගෝස්තු 13 විද්යාඥයන් පර්යේෂණයක් සදහා ට්රිලියන 5 කට අධික උෂ්ණත්වයක් නිපදවා ඇත.

16. විශාලතම යතුරු එකතුව
ඇමරිකා එක්සත් ජනපදයේ ලීසා ජේ සතුව 3,604 යතුරු ප්‍රමාණයක් ඇති අතර. වාර්ථා වි ඇති වැඩිම යතුරු එකතුව මෙය වේ.

17.විශාලතම belt ගාංචුව
2011.02.03 දින උස 1.98 m මෙය  ඇමරිකා එක්සත් ජනපදයේ කෙලී ග්රැහැම් විසින් නිපදවා ඇත.

18.විශාලතම මානව ජල පිරමීඩය

2013.09.14 දින 60 ක් එක්ව  ඇමරිකා එක්සත් ජනපදයේ   Wazeecha විල මත නිර්මානය කරන ලදි.

19. විශාලතම හදවත
නිල් තල්මසුන් (Balaenoptera musculus) හට විශාලතම හදවත ඇත. එය රාත්තල් 1,500 කට  (680 kg) බර සහ කුඩා මෝටර් රථ තරම් විශාල විය හැක.

20. විශාලතම මකුළු මූර්ති
පළල අඩි 49 ක් හා උස අඩි 64 ක් හා දිග අඩි 72 ක් වන මෙය ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් හි Action Park හි නිර්මානය කර ඇත.

පසුගිය කොටස මෙතනින් බලන්න

Friday, October 2, 2015

ලෝක උරුම - ඇෆ්ගනිස්ථානය (02)

ඇෆිගනිස්ථානයෙන් අප ලෝකයට උරුම වු ස්ථාන 02ක් හමුවනවා. එම ස්ථාන දෙකම සංස්කෘතික ස්ථාන ලෙස හැදින්විය එක.

01.Minaret and Archaeological Remains of Jam
 මිටර 65 ක් උසට විහිදෙන්නා වු මෙම ප්‍රාසාදශෘංගය ඉතාමත් සුන්දර වන මෙය 12 වන සියවස දක්වා දිවේ. ඉහළ නිල් උළු ශිලා සමග අලංකාර ආවරණය,  මෙම කලාපයේ දී ගෘහ නිර්මාණ හා කලා සම්ප්‍රදාය කූටප්‍රප්තිය නියෝජනය කරයි. 







ලොක උරුම ගැන දැනගන්න මෙතන්ට යන්න



Thursday, October 1, 2015

මේ කථා අහල තියෙනවද? අටවන දිගහැරුම



71.ෆින්ලන්තයේ ප්‍රසංගයක් නැරඹීමට ගොස් ඉන් සතුටු නොවූ නරඹන්නන්ට ප්‍රවේශ පත්‍රයට වැය කළ මුදල ආපසු ලැබේ.

72.ලොව ඔක්සිජන් වලින් 20%ක්ම නිපදවන්නේ ඇමසන් වනාන්තරයෙනි.

73.වෛද්‍ය වරයෙකුගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැදවයි.

74.ලන්ඩනය වැනි විශාල නගරයක ධාවනය වන බස් රථයක සිටින මගියෙකු සිය ගමන් වාර හතරකින් එක් වතාවක ‘දුර නෑයෙකු’ තමන් අසල වාඩි වී සිටින බව නොදනී.

75.බෘෘස් ලි කිසිම සටනක් පරාජය වි නොමැත.


76.මිනිසෙකු මරනාසන්න අවස්ථාවේ අවසානයට ඇසෙන සංවේදනාව සබ්දයයි.

77.විනාඩි 12 ක් Tetris වීඩියෝ ක්‍රීඩාවේ යෙදී සිටීමෙන් ඊට පෙර දිනයේ මුහුණ දුන් මානසික තිගැස්ම යළි සිහි ගැන්වීම අඩු කර ගත හැක.


78.වසර 137ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම පන්දුවට ලකුණු 6ක් වාර්තා කළ එකම ක්‍රීඩකයා ක්‍රිස් ගේල්ය.

79.සෑම තත්පර 90කට වරක්ම දරු උපතකදි හො ගැබ්බර සමයේදි කාන්තාවක් මිය යයි.

80.නිතරම පුස්තකාල වලින් සොරකම් කිරිමේ ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ගිනස් පොතමය.