අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Sunday, November 22, 2015

ලෝක උරුම 05 - ඇල්බේනියාව (ඓතිහාසික මධ්‍යස්ථාන වන Berat හා Gjirokastra )

ඇල්බේනියාවේදි අපට හමුවන දෙවන හා අවසන් ලොක අරුමය ලෙස Berat හා Gjirokastra හදුන්වා දිය හැකිය.
 මෙහි ඔටෝමාන් අවධියේ  ගෘහ නිර්මාණ ලක්ෂණ වල දුර්ලභ උදාහරණ ඇත.
මෙය මධ්‍යම ඇල්බේනියාවේ පිහිටා ඇති අතර විවිධ ආගමික හා සංස්කෘතික ප්‍රජාවන්ගේ සියවස් ගණනාවක් පුරා පැවති සහජිවනය පිළිබිබු කෙරේ.
මෙහි ඇති ගොඩනැගිලි 13 වන සියවසට අයත් නමුත් එහි ඇරම්භය 04 වන සියවස දක්වා විහිදේ.
ප්‍රධාන වශයෙන් 13 වන සියවසට අයත් බයිසන්ටයින් පල්ලි,එමෙන්ම  1417 දී ආරම්භ කරන ලද ඔටෝමන් යුගයට අයත් මුස්ලිම් පල්ලි කාහාපයක්,17 වන සියවස තුළ සංවර්ධනය කරන ලද කැපී පෙනෙන තට්ටු දෙකේ නිවාස මාලාව මෙහි ඇති ගොඩනැගිලි ලෙස දැක්විය හැක.


















Saturday, November 21, 2015

ලෝකේ පොඩිම - 05 වන දිගහැරුම

41. ලොව කුඩාම පැරෂුටය

වර්ග මිටර 3.25 ක් වන මෙය නිපදවා ඇත්තේ ඩුබායි හි ERNESTO GAINZA විසනි.

42. ලොව කුඩාම බළලා

සෙන්ටිමිටර 7 ක් හා සෙන්ටිමිටර 17 දිග මෙම පුසා ඇමරිකා එක්සත් ජනපදයේ ස්කොට් ෆෝබ්ස් සතු TINKER TOY පුසාය.

43. ලොව කුඩාම මව

එක්සත් ජනපදයේ STACEY HERALD තම ප්‍රථම දරු උපත සිදුකල 2006 ඔක්තොම්බර් 21 දින වන විට ඇයගේ උස සෙන්ටිමිටර 72.39 ක් විය.

44. කෙටිම ටෙස්ට් තරගය

1926 ජුනි 12 දින පැවති මෙම ටෙස් තරගය වන එන්ගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගය මිනිත්තු 50 කට සිමා වි ඇත.




45. කෙටිම වීදිය

මිටර 2.05 ක් දිග එක්සත් රාජධානියේ වින්ක් වල එෙබන්සර් විදිය ලොව කෙටිම විදිය වේ.

Thursday, November 19, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 05 - හෙට දවසේ අපදෙදෙනා මේ වාගෙම හමු විය යුතුවේ



ප්‍රියා සූරියසේනනට සිංදුවක් ලියාගන්න ඔනවෙලා ගියාලු ප්‍රේම කීර්තිද අල්විස්ගෙ ගෙදර......


හැබැයි ඉතින් නිකම් නෙමෙයි පොඩි බෝතලේකුත් අරගෙනලු ගියේ..........

කරුමෙ කියන්නෙ ප්‍රේමකීර්තිත් හදිස්සියකට ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙනවළු , මිනිහට බස් එකත් පරක්කු වෙලාළු හරිද?

ඉතින් මාර වැඩේ ප්‍රේම කීර්තිත් නියම කොල්ලනේ...... බෝතලේ දිහා බලනවළු... අතේ ඔරලෝසුව දිහා බලනවළු.... මාර අප්සට එක ..... කොළයක් අතට අරගෙන මොනවද පේලි 2,3ක් ලියල මිනිහ දිව්වළු බස් එකට.... හරි....
ප්‍රියා සූරියසේන වැඩේ කෙරුණෙ නැති නිසා අපසෙට් එකේ .... පාරට බැස්සලු ... බහින ගමන් බැලුවලු අර ලියල තියෙන පේලි 2,3 මොකද්ද කියලා.....
ඒකෙ තිබුනලු
"හෙට දවසේ..... අපදෙදෙනා.....
මේ වාගෙම හමු විය යුතුවේ.....
අද දවසේ.... මවෙත ගෙනා.....
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.....




මුහුණු පොතෙන් උපුටා ගැණිමකි....

Monday, November 16, 2015

ලෝකේ ලොකුම - 06 වන කොටස

51. ලොව විශාලතම සංවත්සරය කේක් එක

අඑක්සත් ජනපදයේ ඇලබාමා වල EARTHGRAINS BAKERY AND RESIDENTS OF FORT PAYNE මගින් පවත් වන ලද සංවත්සරය වෙනුවෙන් 1989 ඔක්තොම්බර් 19 වන දින සාදන ලද මෙය ටොන් 58.1 ක් බර හා වර්ග අඩි 2560 ක් විශාල විය.


52. බොක්සිං සඳහා වැඩිම වාර්ෂික ආදායම ඉපයු ක්‍රීඩකයා

2013 ජුනි සිට 2014 ජුනි දක්වා එක්සත් ජනපද ඩොලර් 105,000,000 ක ආදායමක් ඉපයු ඇමරිකා එක්සත් ජනපදයේ FLOYD MAYWEATHER JR වේ.

53.  වෙන්දේසියක දී විකුණු වඩාත් මිල අධික දියමන්තිය

එක්සත් ජනපද ඩොලර් 48,468,158 කට 2015 නොවැම්බර් 11 දින ස්විස්ටර්ලන්තයේදි විකුණු මෙය නිල් දියමන්තියකි.

54. එක් චිත්‍රපට දර්ශණයකට වැඩිම පිරිසකගේ සහභාගිත්වය.

2015 ඔක්තොම්බර් 04 වන දින පිළිපිනයේ ප්‍රදශණය කරන ලද Iglesia Ni Cristo ගේ ‘Felix Manalo' චිත්‍රපටය නැරඹිම සදහා 43,624 ක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් පැමින ඇත.


55.   Minecraft එකක් මගින් දිගම ගුවන් ගමන

එක්සත් ජනපදයේ කර්ට් ජේ මැක් වසින් කිලෝමිටර 12500 ක දිගු ගමණක් ධාවනය කර ඇත.


56. විශාලතම එක් දින ගොල්ෆ් තරගාවලිය

චිනයේ MISSION HILLS GOLF CLUB මගින් 2014 ජුනි  18 වන දින පැවති මෙය සදහා තරගකරුවන් 1987 ක් සහභාගි වි ඇත.

57. විශාලතම chain saw

මිටර 6.98 ක් දිග මෙය එක්සත් ජනපදයේ Moran Iron Works මගින් නිර්මාණය කර ඇත.

58. විකිනිමට ඇති විශාලතම පීසා එක.

1m 37cm x 1m 37 cm  දිග පළල වන මෙය එක්සත් ජනපදයේ MAMA'S AND PAPA'S PIZZERIA ආයතනය විසින් නිපදවන අතර පුද්ගලයින් 50 ත් 100 ත් අතර පිරිසකට පිරිනැමිය හැක.


59. විශාලතම බැලැන්කට් වලින් සාදන ලද ආවරණය

වර්ග මිටර 306.9 ක් වන මෙය එක්සත් ජනපදයේ CHALLENGE12, MACE GROUP, BENCHMARK SCAFFOLDING, NORTH LONDON COLLEGIATE SCHOOL, BIG BOX EDUCATION විසින් සාදන ලදි.


60.  විශාලතම ශීතකරණය 

ටොන් 10080 ක් බර මෙය චුම්භක 9300ක් භාවිතා කර ඇති මෙහි පරිධිය කිලොමිටර 27 කි. ස්විස්ටර්ලන්තයේ ජිනිවා වල ඇති මෙය LARGE HADRON COLLIDER සතු වේ.

Friday, November 13, 2015

මේ කථා අහල තියෙනවාද? 12 වන දිගහැරුම

111.ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට සිදුවන සෑම මරණ 5 කින් එකක් දුම් පානය නිසා සිදුවේ.

112. ඉක්කාවක් මිනිත්තු 5 ක් පුරා පවති.

113.ජලය අයිස් බවට පත් වන විට එහි පරිමාව 9% කින් පමණ වැඩිවේ.

114.ජිවත්ව සිටින තෙක් ඔබේ ආහාර දිරවු එන්සයිම ඔබ මිය යාමෙන් දින 03 කට පසු ඔබව ආහාරයට ගනි.

115.ගුගල් සර්ච් හි 24154903 ලෙස Image search කල විට ශිතකරන ඇතුලට ඔලුව දමාගෙන සිටින මිනිසුන් වැඩි පුමාණයක් ප්‍රථිඵලය ලෙස ලැබේ.


116. ඔබ පානය කරන සෑම දුම් වැටියකින්ම ඔබගේ ආයුෂ මිනිත්තු 11 කින් අඩු කරයි.


117.බිත්තර වල සී විටමින් හැරුණු කොට අනෙකුත් සියළුම විටමින් වර්ග ඇතුලත් වේ.

118.ඔබේ හිසේ අස්ථි 22 ක් ඇත.

119. කඩදාසියක් එකම තැනින් 07 වරකට වඩා නමන විට එය එතනින් ඉරි යයි.

120.එක් දුම් වැටියක් තුල රසායන ද්‍රව්‍ය 4800 ක් පමණ ඇති අතර එයින් 69 ක් ම පිළිකා කාරක වේ.

Thursday, November 5, 2015

ලෝක උරුම 04 - ඇල්බේනියාව

ලෝක උරුම ගැන හොයාගෙන යන ගමනේදි අපිට දෙවැනියට හමුවන රට විදිහට Albania ගත හැක. මෙම රට සතුව සංස්කෘතික වශයෙන් ලොවට උරුම වු ස්ථාන දෙකක් ඇත.

01.  ඉන් පළමුවැන්න Butrint දැක්විය හැකිය.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජනාවාස පිහිටා ඇති මෙය පසුව ග්‍රීක යටත්විජිතයක්ව පැවති ඇත.වර්තමානය වන විට පුරාවිද්‍යත්මක වටිනාකමක් ඇති නගරයක් ලෙස ආරක්ෂා කර ඇත.












Wednesday, November 4, 2015

ලෝකේ පොඩිම - 04 වන දිගහැරුම

31. ලොව උසින් කුඩාම ගොත්‍රය

ලොව කුඩාම ගොත්‍රය ඊජිප්තුවේ  MBUTSI ගොත්‍රය වේ. මෙම ගොත්‍රයේ පිරිමින්ගේ සාමාන්‍ය උස මිටර 1.37 ක් හා ගැහැණුන්ගේ සාමාන්‍ය උස 1.35 ක් වේ.

32.ලොව කුඩාම මෝටර් සයිකලය

ස්විඩනයේ TOM WIBERG විසින් නිර්මානය කරන ලද මෙහි විශ්කම්භය මිලිමිටර 16 ක් වේ.


33.විශ්වයේ කුඩාම තරුව

නියුට්රෝන තාරකාව විශ්වයේ කුඩාම තරුව වේ.

34. ලොව කුඩාම ජංගම නයිට් ක්ලබ් එක

උස මිටර 2.10 ක් හා පළල 1.17 ක් වන මෙය එක්සත් රාජධානිය Rumours සමාජ ශාලාව වේ.

35.ලොව කුඩාම රෙදි සෝදන යන්ත්‍රය

චිනයේ QINGDAO HAIER WASHING MACHINE CO.LTD ආයතනය විසින් නිර්මාණය කර ඇති මෙහි ප්‍රමාණය මිලිමිටර 256 x 278 x 382 වේ.මෙහි බර කිලෝ ග්රෑම් 5.33 ක් වන අතර කිලෝ ග්රෑම් 0.15ක බර රෙදි සේදිය හැක.

36.ලොව කුඩාම ගුවන් ජෙට්  යානාව

එක්සත් ජනපදයේ JUAN JIMENEZ විසින් නිර්මාණය කර ඇති මෙය BD-5J වේ.මිටර 3.7ක් දිග මෙය බර කිලෝග්රෑම් 162 ක් බර වේ.

37. ලොව කුඩාම ගුවන් යානා, එන්ජින් දෙක.

1973 ජුලි 19 වන දින ගුවන් ගත කරන ලද මෙය MC-I5 වේ.මෙහි දිග මිටර 3.91ක් වේ.

38.ලොව කුඩාම ගුවන් යානාව

මිටර 2.69 ක් වන මෙය එක්සත් ජනපදයේ BUMBLE BEE II වේ.

39.ලොව කුඩාම සෛලය

ලොව කුඩාම සෛලය මිලි මිටර 0.005 ක් වේ.

40.ලොව කුඩාම මෝටර් රථ ආදර්ශය

ජපානයේ NIPPONDENSO විසින් නිර්මාණය කර ඇති මෙය ටොයොටා ආයතනයේ පළමු මගී මොටර් රථයේ වන 1936 AA sedan හි ආදර්ශයක් වේ. මෙහි විශාලත්වය මිලි මිටර 4.785 ක් වේ.

මිට පෙර කොටස මෙතනින් බලන්න

Tuesday, November 3, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 04- හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන



2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල...

අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියේ. ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්.


පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා...


කාඩ් එක තමා බොනපාට්...


මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....


ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් ගැන සරලවම කියනවනම් ගොඩක්ම සංවේදී... හොඳම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...


අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව....)


පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව...


එය තමයි සොබනි.


ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....


යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි භාෂාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....


මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....


නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා....


හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....


නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ මවවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....


ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....


උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....


ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....


හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන

දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන

අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින


දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....


මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල

ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන

සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම

ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන


දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍


නෙතින් නෙතට එබී බලා ගන්න හදවත

ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට

ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට

බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම



මුහුණු පොත ඇසුරෙන් උපුටා ගැණිමකි........

Monday, November 2, 2015

ලෝකේ ලොකුම - 05 වන දිග හැරුම

41. දිගම යතුරු පැදි පැනීම - (පිරිමි)

ඕස්ට්‍ර්ලියාවේ ROBBIE MADDISON විසින් මිටර 106.8ක දුරක් පැන ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.

42. පෙන්ගුවින් ලෙස සැරසී සිටි විශාලතම පිරිස

ලන්ඩනයේ රිචඩ් හවුස් මගින් පිහිටවු ගිනස් වාර්තාවක් වන මෙය සදහා පිරිස 373ක් සහභාගි වි ඇත.






43. හමුදා යතුරුපැදි මගින් කළ විශාලතම පෙළපාලිය

2014 ජුනි 06 වන දින ප්‍රංශයේ රොන් පියර් මගින් සංවිධානය කළ මෙය සදහා දෙවන ලෝක යුධ සමයේ නිෂ්පාදනය කරන ලද යතුරු පැදි 187 ක් සහභාගි වි ඇත.

44. වෙන්දේසියක දී විකුණු ලොව වඩාත් මිල අධික අශ්වයා

වන සංරක්ෂණ නියෝජිතයෙකු වන අයර්ලන්තයේ Demi O'Byrne සතු අස්වයකු ඇමරිකා එක්සත් ජනපද වෙන්දේසියකදි එක්සත් ජනපද ඩොලර් 16,000,000 කට විකුණිනි.

45. වඩාත් මිල අධික ඔලිම්පික් ලාංඡනය

ලන්ඩන් 2012 ඔලිම්පික් උලෙල සදහා නිර්මාණය කරන ලද ඔලිම්පික් ලාංඡනය සදහා එක්සත් රාජධානි පවුම් 4,00,000 වැය කර ඇත.

46. විශාලතම මල් කාපට් එක

වර්ග මිටර 3199.2 ක් වන මෙය කොලොම්බියාවේ Alcaldia Guayatá Boyacá මගින් නිර්මානය කර ඇත.

47. විශාලතම ආදර්ශ දුම්රිය ගබඩාව

ඇමරිකා එක්සත් ජනපදයේ CABOOSE HOBBIES INC. ආයතනය සතු මෙහි විශාලත්වය වර්ග මිටර 1728ක් වේ.

48. විශාලතම මෘදු චීස්

කිලො 180ක් බර මෙය ජර්මනියේ EDELWEISS KAESWERK හා EDELWEISS KAESEWERK නිර්මාණය කර ඇත.

49.පීසා හා සම්බන්ධ අයිතමයන් විශාලතම එකතුව

එක්සත් ජනපදයේ BRIAN DWYER විසින් විවිධ වර්ගයේ පිසා 561 ක එකතුවක් 2011 ජුලි 31 දින එක්රැස් කර ගන්නා ලදි.




50. විශාලතම අන්තර්ජාල වෙළඳ ප්‍රචාරක වෙළෙඳ නාමය

ලොව විශාලතම අන්තර්ජාල වෙලද ප්‍රචාරය සිදුකරන ආයතනය වනුයේ google වේ.එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් 1,14,000,000,000 ක් වේ.

Sunday, November 1, 2015

මේ කථා අහල තියෙනවාද? 11 වන කොටස

101. කැරට් වල මේදය කිසිවක් අඩංගු නොවේ.

102.යමෙක් අඩන විට පලමු කදුලු බින්දුව එන්නේ වම් ඇසින් නම් ඒ සතුටටයිග වම් ඇසින් නම් ඒ දුකටයි.

103.ඔබ දිනකට ආශ්වාස කිරිම් 23000 කට වඩා කරයි.

104. සයිඩ් අෆ්රිඩි ලොව වේගවත්ම එක්දින ශතකය* වාර්තා කර ඇත්තේ සචින් ටෙන්ඩුල්කාර්ගේ පිත්තකිනි.

105.බ්‍රහස්පති හා අගහරු ග්‍රහයන් මත නිතරම දියමන්ති වර්ෂා ඇතිවේ.

106.ජනගහනය මිලියනය ඉක්මවු පළමු නගරය ලන්ඩනයයි.

107. ඔබේ කුස තුල වැඩෙන සිගිත්තා සති 9 පසුවන විටදි මිදි ගෙඩියක් තරම් කුඩා වන අතර සිගිත්තාගේ ඇස් සම්පුර්ණයෙන් වර්ධනය වි ඇත.

108.ඔබගේ නාසයට එකිනෙක වෙනස් ගද හා සුවද වර්ග 50000ක් වෙන්කර හදුනාගෙන මතකයේ තබාගත හැක.

109. ටයිටැනික් චිත්‍රපටියේ ජැක් විසින් අදින රොස් ගෙලපළදනාව සමග සිටින පින්තුරය ඇද ඇත්තේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්ය.


110. ග්‍රීක දාර්ශනික ක්‍රිසිපස් මියගොස් ඇත්තේ සිනාසිම වැඩිවිමෙනි.