අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Wednesday, November 4, 2015

ලෝකේ පොඩිම - 04 වන දිගහැරුම

31. ලොව උසින් කුඩාම ගොත්‍රය

ලොව කුඩාම ගොත්‍රය ඊජිප්තුවේ  MBUTSI ගොත්‍රය වේ. මෙම ගොත්‍රයේ පිරිමින්ගේ සාමාන්‍ය උස මිටර 1.37 ක් හා ගැහැණුන්ගේ සාමාන්‍ය උස 1.35 ක් වේ.

32.ලොව කුඩාම මෝටර් සයිකලය

ස්විඩනයේ TOM WIBERG විසින් නිර්මානය කරන ලද මෙහි විශ්කම්භය මිලිමිටර 16 ක් වේ.


33.විශ්වයේ කුඩාම තරුව

නියුට්රෝන තාරකාව විශ්වයේ කුඩාම තරුව වේ.

34. ලොව කුඩාම ජංගම නයිට් ක්ලබ් එක

උස මිටර 2.10 ක් හා පළල 1.17 ක් වන මෙය එක්සත් රාජධානිය Rumours සමාජ ශාලාව වේ.

35.ලොව කුඩාම රෙදි සෝදන යන්ත්‍රය

චිනයේ QINGDAO HAIER WASHING MACHINE CO.LTD ආයතනය විසින් නිර්මාණය කර ඇති මෙහි ප්‍රමාණය මිලිමිටර 256 x 278 x 382 වේ.මෙහි බර කිලෝ ග්රෑම් 5.33 ක් වන අතර කිලෝ ග්රෑම් 0.15ක බර රෙදි සේදිය හැක.

36.ලොව කුඩාම ගුවන් ජෙට්  යානාව

එක්සත් ජනපදයේ JUAN JIMENEZ විසින් නිර්මාණය කර ඇති මෙය BD-5J වේ.මිටර 3.7ක් දිග මෙය බර කිලෝග්රෑම් 162 ක් බර වේ.

37. ලොව කුඩාම ගුවන් යානා, එන්ජින් දෙක.

1973 ජුලි 19 වන දින ගුවන් ගත කරන ලද මෙය MC-I5 වේ.මෙහි දිග මිටර 3.91ක් වේ.

38.ලොව කුඩාම ගුවන් යානාව

මිටර 2.69 ක් වන මෙය එක්සත් ජනපදයේ BUMBLE BEE II වේ.

39.ලොව කුඩාම සෛලය

ලොව කුඩාම සෛලය මිලි මිටර 0.005 ක් වේ.

40.ලොව කුඩාම මෝටර් රථ ආදර්ශය

ජපානයේ NIPPONDENSO විසින් නිර්මාණය කර ඇති මෙය ටොයොටා ආයතනයේ පළමු මගී මොටර් රථයේ වන 1936 AA sedan හි ආදර්ශයක් වේ. මෙහි විශාලත්වය මිලි මිටර 4.785 ක් වේ.

මිට පෙර කොටස මෙතනින් බලන්න

Tuesday, November 3, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 04- හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන



2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල...

අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියේ. ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්.


පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා...


කාඩ් එක තමා බොනපාට්...


මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....


ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් ගැන සරලවම කියනවනම් ගොඩක්ම සංවේදී... හොඳම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...


අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව....)


පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව...


එය තමයි සොබනි.


ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....


යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි භාෂාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....


මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....


නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා....


හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....


නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ මවවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....


ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....


උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....


ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....


හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන

දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන

අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින


දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....


මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල

ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන

සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම

ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන


දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍


නෙතින් නෙතට එබී බලා ගන්න හදවත

ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට

ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට

බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම



මුහුණු පොත ඇසුරෙන් උපුටා ගැණිමකි........

Monday, November 2, 2015

ලෝකේ ලොකුම - 05 වන දිග හැරුම

41. දිගම යතුරු පැදි පැනීම - (පිරිමි)

ඕස්ට්‍ර්ලියාවේ ROBBIE MADDISON විසින් මිටර 106.8ක දුරක් පැන ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.

42. පෙන්ගුවින් ලෙස සැරසී සිටි විශාලතම පිරිස

ලන්ඩනයේ රිචඩ් හවුස් මගින් පිහිටවු ගිනස් වාර්තාවක් වන මෙය සදහා පිරිස 373ක් සහභාගි වි ඇත.






43. හමුදා යතුරුපැදි මගින් කළ විශාලතම පෙළපාලිය

2014 ජුනි 06 වන දින ප්‍රංශයේ රොන් පියර් මගින් සංවිධානය කළ මෙය සදහා දෙවන ලෝක යුධ සමයේ නිෂ්පාදනය කරන ලද යතුරු පැදි 187 ක් සහභාගි වි ඇත.

44. වෙන්දේසියක දී විකුණු ලොව වඩාත් මිල අධික අශ්වයා

වන සංරක්ෂණ නියෝජිතයෙකු වන අයර්ලන්තයේ Demi O'Byrne සතු අස්වයකු ඇමරිකා එක්සත් ජනපද වෙන්දේසියකදි එක්සත් ජනපද ඩොලර් 16,000,000 කට විකුණිනි.

45. වඩාත් මිල අධික ඔලිම්පික් ලාංඡනය

ලන්ඩන් 2012 ඔලිම්පික් උලෙල සදහා නිර්මාණය කරන ලද ඔලිම්පික් ලාංඡනය සදහා එක්සත් රාජධානි පවුම් 4,00,000 වැය කර ඇත.

46. විශාලතම මල් කාපට් එක

වර්ග මිටර 3199.2 ක් වන මෙය කොලොම්බියාවේ Alcaldia Guayatá Boyacá මගින් නිර්මානය කර ඇත.

47. විශාලතම ආදර්ශ දුම්රිය ගබඩාව

ඇමරිකා එක්සත් ජනපදයේ CABOOSE HOBBIES INC. ආයතනය සතු මෙහි විශාලත්වය වර්ග මිටර 1728ක් වේ.

48. විශාලතම මෘදු චීස්

කිලො 180ක් බර මෙය ජර්මනියේ EDELWEISS KAESWERK හා EDELWEISS KAESEWERK නිර්මාණය කර ඇත.

49.පීසා හා සම්බන්ධ අයිතමයන් විශාලතම එකතුව

එක්සත් ජනපදයේ BRIAN DWYER විසින් විවිධ වර්ගයේ පිසා 561 ක එකතුවක් 2011 ජුලි 31 දින එක්රැස් කර ගන්නා ලදි.




50. විශාලතම අන්තර්ජාල වෙළඳ ප්‍රචාරක වෙළෙඳ නාමය

ලොව විශාලතම අන්තර්ජාල වෙලද ප්‍රචාරය සිදුකරන ආයතනය වනුයේ google වේ.එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් 1,14,000,000,000 ක් වේ.

Sunday, November 1, 2015

මේ කථා අහල තියෙනවාද? 11 වන කොටස

101. කැරට් වල මේදය කිසිවක් අඩංගු නොවේ.

102.යමෙක් අඩන විට පලමු කදුලු බින්දුව එන්නේ වම් ඇසින් නම් ඒ සතුටටයිග වම් ඇසින් නම් ඒ දුකටයි.

103.ඔබ දිනකට ආශ්වාස කිරිම් 23000 කට වඩා කරයි.

104. සයිඩ් අෆ්රිඩි ලොව වේගවත්ම එක්දින ශතකය* වාර්තා කර ඇත්තේ සචින් ටෙන්ඩුල්කාර්ගේ පිත්තකිනි.

105.බ්‍රහස්පති හා අගහරු ග්‍රහයන් මත නිතරම දියමන්ති වර්ෂා ඇතිවේ.

106.ජනගහනය මිලියනය ඉක්මවු පළමු නගරය ලන්ඩනයයි.

107. ඔබේ කුස තුල වැඩෙන සිගිත්තා සති 9 පසුවන විටදි මිදි ගෙඩියක් තරම් කුඩා වන අතර සිගිත්තාගේ ඇස් සම්පුර්ණයෙන් වර්ධනය වි ඇත.

108.ඔබගේ නාසයට එකිනෙක වෙනස් ගද හා සුවද වර්ග 50000ක් වෙන්කර හදුනාගෙන මතකයේ තබාගත හැක.

109. ටයිටැනික් චිත්‍රපටියේ ජැක් විසින් අදින රොස් ගෙලපළදනාව සමග සිටින පින්තුරය ඇද ඇත්තේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්ය.


110. ග්‍රීක දාර්ශනික ක්‍රිසිපස් මියගොස් ඇත්තේ සිනාසිම වැඩිවිමෙනි.

Friday, October 30, 2015

නොබෙල් ත්‍යග 01

අපි බ්ලොග් පෝස්ට් විසින් උත්සහ දරමින් සිටිනුයේ විවිධ එකිනෙකට වෙනස් මාතෘකා 07ක් යටතේ සතියේ දින 07 ටම ලිපියක් පළ කිරිමයි. පවතින වැඩ රාජකාරිත් සමග මෙය යම් තරමක අපහසු කටයුත්තක් උවද හැකි උපරිම අයුරින් මෙය ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වනවා.
මෙයට එකතුවන නවතම දිර්ඝ ලිිපි පෙල වනුයේ නොබෙල් ත්‍යග ලැබුවන් පිළිබදව ඔබව දැනුවත් කිරිමයි.මා මෙය දිර්ඝ ලිපි පෙලක් ලෙස හැදින්වුයේ 1895 තරම් ඇත අතිතයට මෙය  විහිද යන නිසායි.
ඔබගේ අදහස් මත තමයි අපි ලිපි ලිවිමට උනන්දු වන්නේ.එමනිසා ඔබේ අදහස් ඉතා අගේ කොට සළකන අතර. මේ වගේ විවිධ මාතෘකා ඔබ ලගත් තිබෙනවානම් අපව දැනුවත් කරන්න. අපි ඒ පිළිබදව සොයා ලිපි ඉදිරිපත් කරන්නම්.



මුලින්ම අපි බලමු මෙම නොබෙල් ත්‍යගය ලබාදිම පටන්ගත්තේ කොහොමද කියලා.
1895 නොවැම්බර් 27 වන දින ඇල්ෆ්රඩ් නොබෙල් විසින් පැරිසියේ තියෙන ස්වීඩන්-නෝර්වේජියානු සමාජයේදි තම අන්තිම කැමති පත්‍රයට අත්සන් තබනවා. එය ඔහුගේ මරනින් පසු විවෘත කරන ලද අතර මෙමගින් නොබෙල් ත්‍යගය ලබාදිම සදහා තම ධනය පරිත්‍යග කරන බව දන්වා ඇත. මෙයට පවුලේ සාමාජිකයින් තම විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර එය ස්විඩනය මෙන්ම ජාත්‍යන්තරව දැඩි මතබේදයකට ලක්ව ඇත. මින් වසර පහකට පසු එනම් 1901 දි පළමු නොබෙල් ත්‍යගය ලබාදිමට හැකිව ඇත.

ඇල්ෆ්රඩ් නොබෙල් තම අවසන් කැමැත්ත මගින් සදහන් කර ඇත්තේ එම වසරට පුර්වගාමිව විශාල සේවයක් කරන ලද පුද්ගලයින්ට නොබෙල් ත්‍යගය ලබාදිය යුතු බවයි.


මෙම අන්තිම කැමති පත්‍රෙය් තම වතු පාලනය කළ යුතු ආකාරය, ආයෙජනය කළ යුතු ආකාරය යන හැමදේම ඔහු සදහන් කරලා තියෙනවා.

අපි මිලග කොටසේ සිට නොබෙල් ත්‍යගය හිමිවුනේ කාටද යන්න පිළිවෙලින් ඉදිරිපත් කිරිමට බලාපොරෙත්තු වන අතර නවතම ලිපි ගැන දැන ගන්න මෙතනින් අපේ ෆේස් බුක් පිටුව හා එක්වන්න. නැතිනම් මෙතනින් ගොස් අපේ බ්ලොග් අඩවියේ සාමාජිකයෙක් වන්න
ඔබේ අදහස් අපේ ඉදිරි ගමන දිරිමත් කරන අතර ඔබට සුභ දවසක්

නොබෙල් ත්‍යග 1901

Thursday, October 29, 2015

ලොව පොඩිම -03 වන දිග හැරුම

21.  ලොව කුඩාම ජීපීඑස් චිප් එක

GNS7560 යන නමින් නෙදර්ලන්තයේ NXP SEMICONDUCTORS විසින් නිපදවු මෙය මිලිමිටර 3.6 x 2.4 x 0.6 වන අතර ජංගම දුරකථන සදහා නිපදවන ලදි.



22. ලොව කුඩාම වර්ණ රූපවාහිනී තිරය

එක්සත් රාජධානියේ MICROEMISSIVE DISPLAYS LTD මගින් නිපදවු මෙහි තිරය මිලි මිටර 3.84x2.88 ක් වන අතර පික්සල් 160x120 රෙෂුයුලේෂන් එකක් ඇත.

23. ලොව සිහින්ම චිප් එක.

ජපානයේ හිතාචි සමාගම විසින් නිර්මාණය කරන ලද මෙහි ප්‍රමාණය 0.15 mm² වන අතර ඝණකම මයික්රෝන 7.5 ක් වේ.

24. ලොව කුඩාම කාන්තාරය

ලොව කුඩාම කාන්තාරය චිලි වල පිහිටි ඇටකාමා කාන්තාරය වේ.මෙහි විශාලත්වය වර්ග කිලොමිටර 105200 ක් වේ.

25.ලොව කුඩාම නැනෝ  මෝටර් රථය

එක්සත් ජනපදයේ JAMES TOUR, RICE UNIVERSITY මගින් නිර්මානය කරන ලද මෙය නිර්මාණය කරන ලදි.

26. ලොව කුඩාම multimedia player

එක්සත් රාජධානියේ MPIO-ONE මගින් නිර්මාණය කරන ලද මෙය සෙන්ටිමිටර 3.2 x 5.4 වන අතර MPEG-4, WMV, AVI හා Div-X video files ( MP3, WMA හා OGG audio files) වාදනය කල හැක.වර්ණ 26000 කින් යුතු  2.64-cm (1.04-in) OLED තිරයක් මෙයට ඇත.

27.ජීවත්වන ලොව දිගින් කුඩාම සුනඛයා

දිග සෙන්ටිමිටර 15.2 ක් වන එක්සත් ජනපදයේ බ්රැන්ඩි ලොව දිගින් කුඩාම සුනඛයා වේ.

28. ජිවත් වන ලොව උසින් කුඩාම සුනඛයා 

 උස සෙන්ටිමිටර 9.65 ක් වන පෝටෝ රිකෝ හි MILLY ලොව උසින් කුඩාම සුනකයා වේ.


29.මාර්ගයේ ධාවනයට සුදුසු  ලොව කුඩාම මෝටර් රථය

උස සෙන්ටිමිටර 63.5ක් පළල සෙන්ටිමිටර 65.41ක් හා දිග සෙන්ටිමිටර 126.47 ක් වන මෙය එක්සත් ජනපදයේ ඔස්ටින් සෝන්යා විසින් නිර්මාණය කරන ලදි.


30.ලොව කුඩාම power tool

නවසීලන්තයේ LANCE ABERNETHY විසින් නිර්මාණය කරන ලද මෙය 17 x 7 x 13.5 mm වන drill එකකි




Wednesday, October 28, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 03 - කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා


මාලනී බුලත්සිංහල මහත්මිය ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරියව හිටියලු කාලයක්.. මේ ඉන්න අතරේ එයා එක ශිෂ්‍යවකට ගොඩක් ලෙන්ගතු වෙනව.. කොච්චර හිතවත් වෙනවද කීවොත් මේ ශිෂ්‍යාවගෙ ගෙදර අය එක්කත් සමීප ඇසුරක් පවත්වනව.. ඉතින් මේ නිසාම මේ ශිෂ්‍යාවට සංගිතයෙන් ඉදිරියට යන්න මාලනී බුලත්සිංහල මහත්මිය ගොඩක් උදවු කලාලු.... 



මේ ශිෂ්‍යාවගේ අම්මගෙ ප්‍රසංගයක් තිබිල . ඒකෙ නිවේදන කටයුතු වලට මාලනී මහත්මියගේ මිතුරෙකු උන ප්‍රේම කිර්ති ද අල්විස් මහත්මයව කතා කරල දුන්නලු.. ඒ වගේ මේ ශිෂ්‍යාවටත් ගෙදර අයටත් මාලනී මහත්මිය උදව් කරල තියනව....

කාලය එසේ ගෙවී යද්දී දිනක් මාලනී බුලත්සිංහලයන්ට දුර බැහැර ප්‍රසංගයකට ආරාධනා ලැබුනා.

ඇය අදාල ස්ථානයට ලගාවන විට බොහෝ රෑ බෝවී තිබුනා වගේම විශාල ගායක ගායිකාවන් පිරිසක්ද ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා පැමිණ සිටියා.

අධික ගායක ගායිකාවන් පිරිසක් සිටි බැවින් සහ බොහෝ දුර බැහැර සිට පැමිණිමට ප්‍රමාදවීම නිසා කාලවේලාව ගොස් තිබු බැවින් ඇයට ගායනා කිරීමට අවස්ථාව ලැබී තිබුනේ ටිකක් පහුවෙන්නටය. ඇයට පෙර ගායනා කිරීමට විශාල පිරිසක් සිටියා .

එහෙත් ගමන් තෙහෙට්ටුවත් සමග ඒතරම් කාල වේලාවක් රැදී සිටීමට අපහසු බව දැනුනා. එබැවින් ඇය සංවිධායකයන් සමග කතාකර අසනීප නිසා ඉක්මනින් ගීත ගායනා කර පිටවී යෑමට අවස්ථාවක් ඉල්ලා සිටියා .

මුලින් ගීත ගායනා කිරීමට අංක ලබාගත් පිරිසක් ලැයිස්තුවේ සිටින බැවින් ඒ අය කැමතිනම් පමණක් ස්ථානය මාරු කරගත හැකි බැව් සංවිධායකයන් ඇයට පවසා සිටියා.

මුලින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාසිටි පිරිසේ නාමලේඛනය පරික්ෂා කරමින් සිටි බුලත්සිංහලයන්ගේ මුහුණේ එක වරම සිහින් සිනහවක් රැදුනා , එයට හේතුව ආනන්ද බාලිකාවේ සිටි කාලයේ ඇගෙන් සංගීතය ඉගෙනගත් ශිෂ්‍යාවගේ නාමයද ඒ අතර තිබීමයි .

බුලත්සිංහලයන්ගේ පැරණි ශිෂ්‍යාවකව සිටි ගායිකාව සොයා ගියේ ඇගෙන් ඒ සුළු උපකාරය බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුවුයේ ඈ කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක්නම් නොවේ.

ඈ අවසථාව ලබාදීම ප්‍රතික්ෂේප කළා පමණක්ම නොව . මේ සිටින්නේ තමන්ට සංගීතය ඉගැන්වූ ගුරුවරිය යැයි කියාවත් තැකීමක් කලේ නැත. ඇයව ගනනකටවත් ගත්තේද නැත. එතැනින් ජවනිකාව අවසානවුයේ නම් ඒ ද කම් නැත ඇගේ අහංකාර දෙමාපියන්ගේ ඇනුම්පද ඇසීමටද මාලනී බුලත්සිංහල මහත්මියට සිදුවිය.

ඒවැනි සිදුවීමක් බලාපොරොත්තු නොවූ එතුමියට ඒ සිද්දිය නිසා ඇතිවුයේ දැඩි සිත් රිදිමකි කනගාටුවකි,. එයද දරාගෙන තවත් හෝරා කිහිපයක් රැදී සිට අවස්ථාව පැමිණි පසු ඇයද ගී ගායනා කර පිටවිය.

පසු දිනක තම මිතුරා වන ප්‍රෙමකිරති මහතා හමු වූ අවස්තාවක මේ සිදදිය ඇය සිත් තැවුලෙන් යුතුව පවසනව.. ප්‍රේම කීර්ති මහතා කොලයක් පෑනක් අරගෙන පුංචි පද හතරක් ලියනව.. ලියල මාලනී මහත්මිය අතට දෙනව. ඒකෙ මෙහෙම සදහන් වෙනව..

‍කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා

කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා

අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා

කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

තමන් සතු වටිනාම දෙය තම ශිෂ්‍යන්ට දීල .. එයාලගෙ දියුනුව බලන් ඉන්නව.. හරිම සතුටින්.. මේ ශිල්ප ගත්ත අය හොද අය වුනත් නැති වුනත් ඇයට ඒක ප්‍රස්නයක් නෙවෙයි.. හැමදේම සතුටින් විද ගන්නව..

ගහේ පිපුන මල් සේරම බබරුන්ටත් දීලා

බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා

බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා

ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා

මතක තියා ගමු . මල මතක නම් කවදාවත් වැටෙන්නෙ නෑ අපි.. මොන ප්‍රස්නෙට මූන දෙන්න උනත් හයිය අපිට තියනව.. මට ගරු කරපු අය කළ ගුණ සලකපු අයට වරදින්නෙ නෑ. .එයාල සමාජයෙ වැදගත් ලෙස පිලී ගනී. එත් අනික් අය සමාජය විසින්ම නැති කරල දාවි...

කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි

මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී

ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී

ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී

ලෝකේ ලොකුම - 04 වන දිග හැරුම

31. ලෝකේ ලොකුම එළවලු තෙල් බෝතලය

මිටර 5.12 උස  ලිටර 3212 ක ධාරිතාවකින් යුතු මෙහි කැමීලියා තෙල් පුරවන ලද අතර 2009 සැප්තැම්බර් 28 චිනය විසින් නිර්මාණය කරන ලදි.

32.ලොව විශාලතම කාඩ් වලින් කරන ලද නිර්මාණය.

 මිටර 10.39 ක්  පළල හා මිටර2.88 උස මෙය 2010 මාර්තු 10 දින ඇමරිකන් ජාතික BRYAN BERG විසින් චිනයේදි නිර්මාණය කරන ලදි.

33.විශාලතම කුසලානය

මිටර 10.64 ක් වන මෙය 2014 අගොස්තු 22 වන දින පැවති  සවුත්ලන් පාර්ක් ධාවන තරගය (ඇමරිකා එක්සත් ජනපදය) සදහා නිර්මාණය කරන ලදි.

34.විශාලතම ගම්මිරිස් ඇඹරුම් යන්ත්‍රය (ගම්මිරිස්-මෝල)

කැනඩාවේ ඇල්ගොන්කින් විද්‍යලය මගින් නිර්මානය කරන ලද මෙය උස මිටර 4.98 ක් හා විෂ්කම්භය සෙන්ටි මිටර 43.1ක් වේ. 

35. විශාලතම වයින් බෝතලය

ස්විස්ටර්ලන්තයේ André Vogel විසින් නිර්මාණය කළ මෙය මිටර 4.17 ක් උස හා මිටර 1.21 විශ්කම්භයෙන් යුත්තය. මෙයට වයින් ලිටර 3094 ක ධාරිතාවයකින් යුත්ත වේ.
36. විශාලතම රග්බි පන්දුව

හොන්කොන් වල KEN FUNG නිර්මාණය කරන ලද මෙය මිටර 4.709ක් විශාල හා මිටර 2.95ක් උස වේ.

37. උසම ධාවනය කළ හැකි යතුරු පැදි

මෙය මිටර 5.10 ක් උස වන ඉතාලියේ FABIO REGGIANI විසින් නිර්මාණය කරන ලදි.

38. විශාලතම අඩි උස සපත්තුව

මිටර 1.95ක් විශාල හා මිටර 1.85ක් උස මෙය ඇමරිකා එක්සත් ජනපදයේ   ජිල් මාටින් සහ කෙනත් කෝල් විසින් නිර්මාණය කරන ලදි.


39. විශාලතම පාවහන

මිටර 7.14ක් දිග හා මිටර 2.50 පළල හා මිටර 4.2ක් උස මෙය ජර්මනියේ Schuh Marke විසින් නිර්මාණය කරන ලදි.


40.විශාලතම ඩ්‍රම් එක

මිටර 5.54ක විශ්කම්භාය, මිටර 5.96ක් උස හා ටොන් 07ක් බර මෙය දකුණු කොරියාවේ Yeong Dong-Gun පළාත් පාලන ආයතනය මගින් නිර්මාණය කරන ලදි.

Monday, October 26, 2015

මේ කථා අහල තියෙනවද? 10 වන කොටස

91. තුර්කියේ ස්ථාන්බුල් නගරය මහද්විප දෙකක පිහිටා ඇති ලොව එකම නගරයයි.

92. ඔබගේ කදුලුවල හැදෙන රසායනික සංයුතිය ඔබට දැනෙන හැගිම මත පදනම් වේ.

93.මුලු මිනිස් ඉතිහාසය තුලම මිනිසුන් බිලියන 100ක් පමණ මියගොස් ඇත.

94.චින මහා ප්‍රාකාරය හදන අතරතුර මිනිසුන් මිලියනයක් පමන මියගොස් ඇත.


95. ඩොල්ෆින් යනු මිනිසාට පසු හොදම මතකයක් ඇති සතාය. ඔහුට වසර 20කට පෙර ඔහුගේ සගයකු නැගු විසිල් හඩක් පවා මතකය.

96. 1923 දි සොවියට් දේශයේ උපන් පිරිමින්ගෙන් 80%ක් දෙවන ලෝක යුද්ධයේදි මියගොස් ඇත.

97. සනත් ජයසුරිය ශේන් වොන්ට වඩා එක්දින කඩුලු දවාගෙන ඇත.

98. ලොව මෙතෙක් වාර්තා වි ඇති ලොව වැඩිම වයස් පරතරයක් ඇති නිවුන් සොයුරන්ගේ පරතරය දින 87 කි.

99. වමත් මිනිසුන් දකුනත් මිනිසුන්ට වඩා වසර 03කට පෙර මිය යයි.

100.ලොව වේගයෙන්ම වැඩෙන සත්වයා නිල් තල්මසාය. සෙමින් වැඩෙන සතා මිනිසාය.

මිලග කොටසින් ඉක්මනින් හමුවෙමු.අපේ මුහුනු පොතටත් ලයික් එකක් දාන්න

ලෝකේ ලොකුම - 03 වන දිගහැරුම

21. උසම මිනිසා - ජීවත්වන

දැනට ජිවත් වන උසම මිනිසා තුර්කියේ සිටින Sultan Kösen. 1982 දෙසැම්බර් 10 උපත ලබා ඇති මොහු 2011 පෙබරවාරි 08 වන දින මනින විට උස සෙන්ටිමිටර 251ක් වේ.

22. උසම වැලි මාලිගාව.

 උසම වැලි මාලිගාවට දැනට ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ මිටර 12.59 ක් උස  2014 නොවැම්බර් 11 දින කැටපිලර් ඉන්කෝ අතින්නිම නිර්මානය කරන ලද වැලි මාලිගයයි. මෙය බ්රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ නිරිමානය කර ඇත. වාර්තා වන අන්දමට මෙම වාර්තාව නොදුරේදිම බිද හෙලිම සදහා නව නිර්මානයක් ඉදිකරමින් පවති.  


 23.විශාලතම කුරුල්ලා

මෙතෙක් ජීවත් වූ විශාලතම කුරුල්ලා ලෙස මිට වසර 1000 කට පමණ පෙර ජිවත් වු අලි කුරුල්ලා (elephant bird or vouron patra ) හැදින්විය හැක.මොවුන් මිටර 3ත් 3.3 අතර විශාල වන අතර බර රාත්තල් 1100ක් පමණ වේ.

24.උසම සුර්යකාන්ත ගස

උසම සුර්යකාන්ත ගස ලෙස මිටර 9.17ක් උස ජර්මනියේ Hans-Peter Schiffer විසින් වගාකල සුර්යකාන්ත ගස හැදින්විය හැක.






25. උසම මෙට්ට ඇහිරිම

උසම මෙට්ට ඇහිරිම මිටර් 5.01 ක් උසට 2014 නොවැම්බර් 15 දින ඇමරිකා එක්සත් ජනපදයේ Verlo Mattress මගින් නිර්මානය කරන ලද මෙට්ට එකතුව හැදින්විය හැක.



26. උසම සුනකයා

ලොව උසම සුනකයා මිටර 1.118ක් උස ඇමරිකාවේ සිටින ‘Zeus’ වේ.



27. උසම බුරුවා

 උසම බුරැවා ඇමරිකාවේ ජිවත්වන අඩි 5 අගල් 8ක් උස Romulus වේ.


28.උසම චොක්ලට් මූර්තිය

 උසම චොකලට් මුර්තිය ප්‍රංශයේ පැට්රික් රොජර් විසින් 2010 දෙසැම්බර් 01 වන දින නිර්මානය කරන ලද මිටර 10ක් උස නත්තල් ගස වේ.

29.උසම ගොඩනැගිල්ල

උසම ගොඩනැගිල්ල මිටර 828ක් උස ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා (කලීෆා ටවර්) වේ

30.මෙතෙක් ජිවත් වු උසම මිනිසා

මෙතෙක් ජිවත් වු උසම මිනිසා ලෙස ඇමරිකා එක්සත්ජනපදයේ 1918 පෙබරවාරි 22 උපත ලද 1940 ජුනි 27 මනින විට මිටර 2.72ක් උස රොබට් වොඩ්ලෝව් වේ.



මිට පෙර කොටස මෙතනින් ගහින් බලන්න..