අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Friday, December 18, 2015

ලෝක උරුම 08 - ඇල්ජිරියාව ‍(M'Zab නිම්නය)

ඇල්ජිරියාවේදි අපට හමුවන 03 වන ලෝක උරැමය විදිහට M'Zab නිම්නය හැදින්විය හැකිය.
මෙහි සාම්ප්‍රධායික මිනිස් වාසස්ථාන, 10 වන සියසසේදි නිර්මානය කරන ලද බලකොටු නගර,මෙම M'Zab මිටියාවතේ නොවෙනස්ව ආරක්ෂා කර ඇත.
සරල, ක්‍රියාකාරී සහ සම්පූර්ණයෙන්ම පරිසරයට අනුවර්තනය වු, M'Zab හි ගෘහනිර්මාණ ශිල්පය වර්තමාන නගර සැලසුම් කරුවන් සදහාද යෝග්‍ය උදාහරණයකි.







Thursday, December 17, 2015

මේ කථා අහල තියෙනවද? 16 වන දිගහැරුම

151. දිනකට ලොව ජනගහනයෙන් 22% ක ජනතාවක් ඔවුනගේ දිවා ආහාරය ගැනිම මග හැරෙනවා.

152. Dell කොම්පියුටර අයිතිකරු මිචෙල් ඩෙල් හට ඔහුගේ පාසැල් අධ්‍යපනය අවසන් කිරිමට හැකිවි නැත.

153. කාන්තාවන් පිරිමින්ට වඩා දෙගුණයක් ඇසි පිල්ලම් ගසයි.

154. මෙලොව ජනගහනයෙන් බිලියනයකට ජංගම දුරකථන නැත.

155. සෑම ජපන් ජාතිකයෙකුම තම සුරතලා පාරේ රැගෙන යන විට උගේ අපවිත්‍රතා එකතු කිරිමට අවශ්‍ය අපකරන රැගෙන යා යුතුයි.

156. ලොව වෛද්‍යවරුන්ගෙන් 5න් 1ක් රුසියානු ජාතිකයින්ය.

157.  ඔබේ DNA අනුවක් දිග හැරිය හොත් පෘතුවියේ සිට හඳට ඇති දුර මෙන් 6000 ස් ගුණයක් දිගය.

158. අත්ලාන්තික් සාගරය ෆැසිෆික් සාගරයට වඩා ලුණු රසයෙන් වැඩිය.

159.  වැඩුණු මිනිසෙකුගේ සිරුරේ අස්ථි කැබලි 206 ක් තිබේ. අළුත උපන් දරුවෙකුගේ සිරුරේ අස්ථි කැබලි 300 පමණ තිබේ. දරුවා වැඩෙන විට අස්ථි කැබලි 94 ක් පමණ ක්ෂය වේ.

160. මැක්කෙකුට උගේ අස මෙන් 130 ගුණයක් උඩ පිනින්නට පුළුවනි, නමුත් මිනිසාට උඩ පැනිය හැක්කේ තමන්ගේ උස ප්‍රමාණය පමණකි.


ලොව බලවත්ම පුද්ගලයින් - ව්ලැඩිමීර් පුටින්

ෆෝබ්ස් සඟරාවට අනුව ලොව බලවත්ම පුද්ගලයින්ගේ ලයිස්තුවේ පළමු ස්ථානයේ සිටින්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ය. මොහු ගැන තොරතුරු බිදක් සොයා බලමු.

01. ව්ලැඩිමීර් පුටින්
ජනාධිපති, රුසියාව


  • වයස                            -  63
  • නිවස                           - රුසියාවේ මොස්කව්
  • පුරවැසිභාවය                - රුසියාව
  • විවාහක අවිවාහක බව  - දික්කසාද
  • දරුවන්                        - 02
  • අධ්‍යපනය                   - Doctor of Jurisprudence, Saint Petersburg State University



ඔහු රුසියානු ජනාධිපති වරයා වන අතර තමන් කැමති දේ කරන ලෝකයේ සිටින බලවත් පුද්ගලයින් කිහිප දෙනා අතරින් ඒක් අයෙකි. පසුගිය ඔක්තොම්බර් මාසයේදි ඔහුගේ තිරණය අනුව ISIS ත්‍රස්තවාදින් හට බෝම්බ හෙලිම ආරම්භ කල අතර සිරියානු ජනාධිපති හමුවිය, මෙය ඇමරිකාණු හා නේටෝ හමුදාව කලාපයේ දුර්වල විමක් ලෙස සැලකිය හැකිය.


ලොව බලවත්ම පුද්ගලයින් පිළිබද තවත් තොරතුරු මෙතනින් බලන්න...

Wednesday, December 16, 2015

නොබෙල් සාම ත්‍යගය - 1903

නොබෙල් සාම ත්‍යගය 1903 වසරේදි  නොබෙල් සාම ත්‍යගය සදහා ප්‍රථම වරට තනි පුද්ගලයෙකු හිමිකම් කිවේය. එනම් 1903 වසරේදි නොබෙල් සාම ත්‍යගයෙන් පිදුම් ලැබුවේ විලියම් රැන්ඩල් ක්රිමර් ය.



1828 මාර්තු18 වන දින එක්සත් රාජධාණියේ Fareham වල අපත ලද මොහු ජාත්‍යන්තර බේරුම් ලිගයේ ලේකම් හැටියට හා බ්‍රිතාන්‍ය පර්ලිමේන්තු සාමාජිකයෙකු හැටියට ලෝක සාමය උදෙසා සිදුකල සේවය හේතුවෙන් මෙම ත්‍යගය හිමිවිය.

1908 ජුලි 22 වන දින මෙම උදාර මිනිසා මෙලොව හැර ගියේය.

මිලග ලිපියෙන් තවත් උදාර මිනිසෙකු ගැන බලාපොරොත්තු වන්න.

මිට පෙර ලිපි මෙතනින් බලන්න..





Monday, December 14, 2015

ලෝක උරුම 07 - ඇල්ජිරියාව (Djémila)

ඇල්ජිරියාවේදි අපට හමුවන දෙවන ලෝක උරුමය ලෙස Djémila හැදින්විය හැක. සංස්කෘතික උරුමයක් ලෙස ලෙවට දායද වු Djémila මුහුදු මට්ටමේ සිට මිටර 900 ක් ඉහලින් පිහිටා ඇත. මෙහි විහාරස්ථාන, බැසිලිකා, උත්සව පැවැත්විම සදහා යොදාගත් ආරුක්කු, නිවාස ආදිය කන්ද ආශ්‍රිතව ක්‍රමාණුකුලව ස්ථාන ගත කර ඇත. මෙය රෝමානු නගර සැලසුම් පිළිබඳ ඉතා රසවත් උදාහරණයක් වේ.












ගිතය ලියවුනේ මෙහෙමයි 08 - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

අග්‍රගන්‍ය කළාකරුවකු වන ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතය ගායනා කරනු ලබන්නේ රෝහණ වීරසිංහ මහතාය.

ගීතය පුරාවටම ඇත්තේ අමිහිරි අත්දැකීමක් මිහිරි ලෙස දුටු ඉතා සංවේදී පිරිමි හදවතක දෝංකාරයයි.... වචනයෙන් වචනයට... මෙන්ම සංගීතයද හිතට අමුතුම හැගීමක් ගෙන දෙන්නේ ඒ නිසාය
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

උඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිලී....

වැහි ලිහිණියන් ඉගිලෙන පුංචි මල් වැස්සක පාරක ඇවිදගෙන යන එක් ආදරණීය මිනිසෙකුට, රියක නැගී යන ගැහැණියකගේ නෙතට නෙත ගැටෙන්නේ රියේ කවුළුව අතරින්ය. ඒ දුටු විගසම ඔහුගේ නෙත් ඇදුනේ ඈත අතීතයටය.. ඒ සොදුරු අතීතයටය....

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ

දිය දහරා පාටයි දේදුන්නේ

තෙමී තෙමී ආදර මධු වැස්සේ

ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ


අඳුර ගලාගෙන එන වැස්සක තෙමි තෙමී මහනුවර පාරවල් දිගේ දෙදෙනා ඇවිදපු ඒ අතීතය කෙසේනම් අමතක කරන්නද... ආදරය ඉදිරියේ ඕනෑම ගැටළුවක් ඉමිහිරිය .. සොදුරුය ... ඉතින් එදා ඒ වැස්ස ඔවුන්ට දැනුනේ ආදරයේ මධු වැස්සක් ලෙසය. දිය දහරා පෙනුනේ දේදුන්නේ පාට වලින්ය ..

ඒ ආදරයේ සොදුරුතම බවයි..

ඒත් එදා එකට ගිය දෙදෙනා එවැනිම වැස්සක අද මාවත් දෙකකය


රිය ඇතුළේ

උණුසුම ඔබට දිදී

නහවයි මා

රියසක මඩ වතුරේ...”


මේ නෙතට නෙත ගැටුනේ අහම්බයකින්ය.. ඒ මේ මෝටර් රථයේ රෝදයෙන් ඉසුනු මඩ පහරින් මේ මිනිසා නැහැවුනු නිසාය. තම ආදරයේ වර්ථමාන අයිතිකාරයා... ඒ ආදරයට රිය ඇතුලේ උණුහුම දිදී වැස්සෙන් ආරක්ෂා කරගෙන, තමන්ව මඩ වතුරෙන් නාවලා යන හැටි බලා මේ මිනිසාට තරහවක් නොදැනුනේ ඔහුගේ ආදරය ඒ තරමටම අව්‍යාජ එකක් වීම නිසාමය..


නෑ හිත රිදුණේ

අදත් එදා සිහිවී

අපේ සබඳකම්

නෑ රිය සක දන්නේ


තමන්ට ආදරය අහිමිකර අද වෙනකෙක් ලඟ සැනසෙන තමන්ගේ ආදරය , අතීතයේ තමන් හා සිටි හැටි ඔහුට මතක්වුනේ හිතට අමුතුම සැනසීමක්ද ලබාදෙමිනි. අද වෙනකෙකුගේ වී, හරි උජාරුවෙන් තමන්වද මඩ වතුරේ නාවා ඉගිලී යන ඇය ගැන මොහුගේ හිතෙ වෛරයක් ඇති නොවුනේ ඔහුගේ හිත ඒ තරමටම නිවී සැනසී තිබූ නිසාය.. යථාර්තය තෙරුම් ගත හැකි උසස් මනසක් ඔහු සතු වුනු නිසාය.

අවංකවම ඔහු ඇයට ආදරේ කල නිසාය


එදා ඔවුන් අතර තිබූ බැඳීම, ආදරය..ඔවුන්ගේ ආදරයේ අතීත ඉමිහිරි මතකයන් වාහනයේ රෝද කේසේනම් දැනගන්නද ....ඒ නිසා මේ සිදුවූ සිදුවීම ගනනකට ගතයුතු නැත

ඔහු සිත සනසාගත්තේ එලෙස සිතමින්ය ..


මෙවැනි සොදුරු මිනිසුන් සැබෑ ලෝකයේ සිටින්නේද ? ....

ඔබෙත් මගෙත් පිලිතුර නැත යන්නයි...


නමුත් .......


අප නිවැරදි නැත ... මේ සත්‍යය සිදුවීම සිදුවූයේ ඒ අග්‍රගන්‍ය කළාකරුවා වන ලූෂන් බුලත්සිංහලයන් හටය ..

ඔහු අතින් මේ ගීතය ලියවුනේ ඒ අත්දැකීම නිසාය..

(උපුටා ගැනීම - My first love පිටුවෙනි.)

Friday, December 11, 2015

මේ කථා අහල තියෙනවාද? 15 වන දිග හැරුම

141. මැත ඉතිහාසයේ පළමු දුම්වැටි විරොදි ව්‍යපාරය ආරම්භ කරනු ලැබුයේ ඇඩොෆ් හිට්ලර් විසිනි.

142.චින ජනගහනයෙන් මිලියන 35 ක ප්‍රමාණයක් අදටත් ඉන්නේ ගල් ගුහා තුලයි.

143. ලයනල් මෙසි නම් පාපන්දු ක්‍රීඩකයා පාපන්දු පුහුනුවට යන්න මුදල් හොයා ගන්න රස්සාව විදිහට තේ හදන රස්සාව කර ඇත.

144. ස්පාඥ්ඥයේ එල් ඩබ්ලො අවන්හලේ මස් පිලිස්සිම සඳහා යොදා ගන්නේ ගිනි කන්දකි.

145. ඇමරිකාණු ස්වදේසිකයන්ගෙන් පළමු දුම් පානය පුරුදු වු යුරොපිය පුද්ගලයා යක්ෂයා විසින් එවන ලද්දේයැයි සිතා සිරගත කරන ලදි.

 146.පුහුණුවිම් වල නිරත චින සොල්දාදුවන්ගේ කොලරය මත ඉදිකටු සවිකරනු ලබයි. එමගින් වෙනතක් බැලුවහොත් හෝ නිදිකිරා වැටුනහොත් ඇනෙන පරිදි මෙය සවි කරයි.

147. ලොහ වල හිගය හේතුවෙන් දෙවන ලොක යුද සමයේ දෙන ලද ඔස්කාර් සම්මාන දැවෙන් නිමවා ඇත.

148. 1877 දි පළමු ටෙස් තරගය, 1971 දි පළමු එක්දින ජාත්‍යන්තර තරගය,2005 දි පළමු 20/20 ජාත්‍යන්තර තරගය,1979 දි පළමු දිවා රාත්‍රි එක්දින ජාත්‍යන්තර තරගය, 2015 දි පළමු දිවා රාත්‍රි ටෙස් තරගය ජයගත්තේ ඔස්ට්‍රෙිලියානුවන්ය.

149.උතුරු කොරියාවේ දැන් ගෙවෙන්නේ 2015 වසර නොව 104 වර්ෂයයි,එරට දින දර්ශණය සකස් වි ඇත්තේ කිම් 11 සංග් ගේ උපන් දිනය පදනම් කරගෙනය.

150.ලාබාල තරුණයින්ගේ මුත්‍රා වලින් තම්බන ලද බිත්තර රසවත් ආහාරයක් ලෙස චින්නු සලකන්නේ.

2015 වසරේ ලොව බලවත්ම පුද්ගලයින්

අද අපි අලුත්ම විදිහේ ලිපි පෙලක් ආරම්භ කිරිමට බලාපොරෝත්තු වෙනවා. ඒ නම් ලොව සිටින බලවත්ම පුද්ගලයින් කවුද යන්න ඔබට හදුන්වා දිමටයි.මෙම පුද්ගලයන්ගේ තින්දු තිරණ හා හැසිරිම් මගින් මුළු ලොක වාසින්ටම යම් කිසි බලපැමක් සිදුවේ. කවුද මොවුන්, මෙම එක් එක්කනා ගැන ඉදිරි ලිපි වලින් සවිස්තරව දැනගනිමු. ෆොබ්ස් සගරාවට අනුව ලොව සිටින බලවත්ම පුද්ගලයින්.

01. ව්ලැඩිමීර් පුටින් - රුසියාව










02. ඇන්ජිලා මර්කෙල් - ජර්මනිය







03. බැරැක් ඔබාමා - එක්සත් ජනපදය







04. ෆ්රැන්සිස් පාප් වහන්සේ - රෝමානු කතෝලික සභාව







05. ෂී ජින්පින්ග් - චීනය







06. බිල් ගේට්ස් - බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම







07.ජැනට් යේලන් - වොෂින්ටන්, එක්සත් ජනපදය







08. ඩේවිඩ් කැමරන් - එක්සත් රාජධානිය







09. නරේන්ද්‍ර මෝඩි - ඉන්දියාව







10. ලැරී පේජ් - Google







11.මාරියෝ ඩ්රැගි - යුරෝපීය මහ බැංකුව





12.ලී කියෑංග් - චීනය





13. වොරන් බෆට් -Berkshire Hathaway






14. සල්මන් බින් අබ්දුල් අසීස් අල් සවුද්





15.කාලොස් ස්ලිම් හෙලු - América Móvil







16. ෆ්රැන්කොයිස් හොලන්ඩ් - ප්‍රංශය





17. ජෙෆ් බිසොස් - Amazon.com






18. අලි හුසේනි කමේනි - ඉරානය






19. මාර්ක් සකර්බර්ග් - Facebook






20. ජැමි ඩිමොන් - ජේපී මෝගන් චේස්







21. බෙන්ජමින් නෙතන්යාහු - ඊශ්‍රායලය






22. ජැක් මා





23.ක්‍රිස්ටීන් ලගාඩ් - ජාත්‍යන්තර මුල්‍ය අරමුදල





24. ජෙෆ්රි ඉසුලුවේ - General Electric





25. රෙක්ස් ටිල්රොසොන් - Exxon Mobil





26. ලොයිඩ් බ්ලැන්ෆින් - ගෝල්ඩ්මන් සැක්ස් සමූහය





27. ටිම් කුක් - Apple






28. අකියො ටොයෝඩා -Toyota Motor






29. චාල්ස් කොක් - Koch Industries





29. ඩේවිඩ් කොක් - Koch Industries





30. සර්ජි බ්රින් - Google







ඉදිරි ලිපි පෙල මගින් අපි බලාපොරොත්තු වනවා මොවුන් කවුරුන්ද? කෙසේද මොවුන් ලොකෙට බලපෑම් සිදුකරන්නේ කියා සොයා බලන්න. අපගේ උත්සහය ගැන ඔබ දරන අදහස දැනගැනිමට අපි කැමති. පහතින් අදහස් දක්වා යන ලෙස ඉල්ලා සිටිනවා. 

Saturday, December 5, 2015

සියයක සතුට..

මොකක්ද මේ සියයක සතුට, 2013.06.22 දින අන්තර් ජාලයට මුදාහල අපි බ්ලොග් පෝස්ට් හි පළමු ලිපියේ සිට මේ වන විට ලිපි 100ක් සයිබ අවකාශයට මුදාහැරිමෙන් ලද සතුට වේ. ඒ කියන්නේ අපි බ්ලොග් පෝස්ට් හි පළවන 101 වන ලිපිය මෙයයි.

මෙම ලිපි 100 මුදා හැරිම සැමරිම වෙනුවෙන් අපි බ්ලොග් පෝස්ට් හි නවතම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදුන්වා දිමට කටයුතු කරන අතර, ඒය ඔබගේ දුරකථනයට ඩවුන්ලොඩ් කිරිම සඳහා මෙතනින් පිවිසෙන ලෙස ඉල්ලා සිටිනවා.

මේ වන විට 2013 වසරේ ලිපි 28 ක්, 2014 වසරේ ලිපි 14 ක් හා 2015 වසරේ ලිපි 58 ක්  ඉදිරිපත් කර ඇති අතර, ඉදිරියේදි නවමු ආකාරයක ලිපි පෙලක් ඉදිරිපත් කිරිමට බලා පොරොත්තු වනවා.

තව දෙයක් කියන්න තියෙනවා 2016 ජනවාරි 01 වෙනිදා ඉදන් අළුත් ලිපි පෙලක් ඉදිරිපත් කරන අතර මෙම බ්ලොග් ඒකේ නම වෙනස් කරන්න කියලා කහිප දෙනෙක් ඉල්ලා සිටියා. ඒමනිසා 2016 ජනවාරි 01 වෙනිදා ඉදන් අළුත් නමකින් ඔබ හමුවට ඒන්න බලා පොරොත්තු වෙනවා, බ්ලොග් ඒකට දාන්න හොද නමක් එහෙම තියෙනවානම් පහලින් කොමෙන්ට් කරන්න.
මෙම බ්ලොග් එක ලියද්දි වෙච්ච වැරදි අඩුපාඩුකම් පෙන්නල දුන්න අයට බෙහෙවින් ස්තුති වන්ත වනවා. 

අපි බ්ලොග් හි මුහුනු පොත හා මෙතනින් සම්භන්ධ වි අපි පළකරන ලිපි ගැන දැනගන්න.
ඒ වගේම බ්ලොග් ලියන කට්ටියට මෙතනින් ගිහින් මෙම මුහුණු පොතේ ග්රූප් එක හා සම්භන්ධ වන්න, මෙම ග්රූප් එකහි තම  ලිපි ප්‍රචාරය කිරිමට හැකියාව ඇත
එමෙන්ම අපි බ්ලොග් එකේ සාමාජිකයෙක් වන ලෙස ඉල්ලා සිටිනවා.

අද ලියන 101 වන ලිපිය හැටියට මෙතෙක් ලියන ලද ලිපි පෙලහි ආකර්ශණය රැදුනු ලිපි එක පොකුරට පහත ආකාරයට දිග හැරිය හැකිය.


බ්ලොග් එකට හොද නමක් එහෙම තියෙනවානම් කියන්න..
එහෙනම් සුපුරුදු පරිදි අලුත් ලිපියකින් නැවත හමුවෙමු. ජය වේවා.